IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මන්නාරම රෝහල දියුණු කරන්න ඉන්දියාව එක්ක ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියා රජය සහ ශ්‍රී ලංකා ‍රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (9) සිදු කෙරිණි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදු වූ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් කිරිම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා මහත්වරුන් අතර සිදු විය.

අවබෝධතා ගිවිසුමට අනුව ඉන්දීය රජය මෙම ව්‍යාපෘතියට අදාළව වැය කිරීමට නියමිත ව්‍යාපෘති ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 600 ක් වන අතර, ව්‍යාපෘති කාලසීමාව වසර 03 කි.

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම් සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම ව්‍යාපෘතියට දායකත්වය දැක්වීමට ඉන්දීය රජය කටයුතු කරන ලදී.



අදහස් (0)

මන්නාරම රෝහල දියුණු කරන්න ඉන්දියාව එක්ක ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site