IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මදුරන්කුලියේ ඉඩමකින් මිනිස් අස්ථි සහ ගිනි අවියක් හමුවෙයි

(  එච්. චන්දන )

පුත්තලම කොළඹ මාර්ගය ආසන්නයේ මදුරන්කුලිය - සෙම්බැට්ටේ ප්‍රදේශයේ ඉඩමක තිබී හමුවී ඇති ඇට කටු සහ ගිනි අවියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පුත්තලම අතිරේක දිසාවිනිසුරු හා  මහේස්ත්‍රාත් ඒ.එස්.අසේල ද සිල්වා මහතා මුන්දලම පොලීසියට නියෝග කළේය.

මදුරන්කුලිය - සෙම්බැට්ටේ ප්‍රදේශයේ ඉඩමක ඇවිලී ගිය ගින්නක් නිවීම සදහා ගිය බව කියන පිරිසක් මෙම ඇට කටු සහ ගිනි අවිය දැක ඒ බව මුන්දලම පොලීසියට දැණුම් දීමට කටයුතු කර ඇත.එම තොරතුර අනුව ක්‍රියාත්මක වී ඇති පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට ගොස් විමර්ශණ කටයුතු සිදු කර ඇත.

අද(30 ) දහවල් ඇට කටු සහ ගිනි අවිය තිබූ ස්ථානයට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව  මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කරන ලදි.

මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ කලකට පෙර මිය ගොස් ඇති අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ ඇටකටු සහ 99 එම්.එම් වර්ගයේ විදෙස් රටක නිශ්පාදිත  ස්වංයක්‍රීය ගිනි අවියක් එම ස්ථානයේ  තිබී හමු වී ඇත.

පසුව මේ සම්බන්ධයෙන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලදි.

හමුවී ඇති ඇට කටු පුත්තලම මූලික රෝහලේ අධිකණය වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර පශ්චාත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගන්නා ලෙසත් අවශ්‍ය වූ විට ඩි.එන් පරීක්ෂණය සදහා ගැනීමට අවශ්‍ය වුහොත් සුරක්ෂිතව තබා ගන්නා ලෙස  මහේස්ත්‍රාත්වරයා විසින් මුන්දලම පොලීසියට නියෝග කරන කළේය.

හමුවී ඇති ගිනි අවිය හදුනා ගැනීම සදහා තව දුරටත් විමර්ශණ කටයුතු සිදු කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කරන ලදි.



අදහස් (0)

මදුරන්කුලියේ ඉඩමකින් මිනිස් අස්ථි සහ ගිනි අවියක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site