IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


මත් ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්න නියෝග

(රෝෂන් තුෂාර)

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු හා විදේශයන්හි සැඟව සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනවා යැයි කියන දෙවුන්දර   සෙහාන් සත්සර නොහොත් දෙහිබාල මල්ලී හා ඔහුගේ සහෝදරයා වන තුෂාන් නෙත්සර නොහොත් කලු මල්ලි වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම  මහතා මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද (21)නියෝග කළේය.

අදාළ සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් පනවමින් මහේත්‍රාත්වරයා මෙම නියෝගය කළ අතර  ඉදිරි දිනයේදී සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමට පොලීසිය සිදු කළ සියලු කාර්යයන් පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.

දකුණු මුහුදු තීරයේ පාවෙමින් තිබීයදී නාවික හමුදා විසින් සිය භාරයට ගත් අයිස්,හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම්  839.254ක්  මෙරටට ආනයනය කිරීමේ ප්‍රධාන සැකකරුවන් ලෙස දෙහිබාල මල්ලි හා කළු මල්ලි හඳුනාගෙන ඇති බවට   මද්‍රව්‍ය කාර්යාංශය  ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මත්ද්‍රව්‍ය තොගය ආනයනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස  නම් කෙරුණු දෙහිබාල මල්ලී සහ ඔහුගේ සහෝදරයාගේ දුරකථන දත්වා වාර්තා කැඳවීමටද නියෝග කෙරිණි.

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ දෙහිබාල මල්ලී සහ කළු මල්ලී යන සැකකරුවන් ඩුබායි හෝ වෙනත් විදේශ රටක සිට මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බවය. මත්ද්‍රව්‍ය තොගය මුහුදට අතහැර දැමූවේ යැයි අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කළ ධීවරයින් පස්දෙනා ඉදිරිපත් කරමින් පොලිසිය මෙම කරුණු පැවසීය.


තරින්ද මදුෂාන්, රසික කුමාර, සංජීව දිල්ෂාන්, උදුල් පේමරත්න හා සුරේෂ් එරංග යන සැකකාර ධීවරයින් පස්දෙනා මෙලෙස රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙසේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.



අදහස් (0)

මත් ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1164 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site