IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


මත් ජාවාරම නිදහසේ සිදු කරන්නට උදව් කළ පීසී මාට්ටු

(බිමල් ශ්‍යාමන්   ජයසිංහ )

අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු  සමඟ දුරකථන සබඳතා පවත්වමින්  ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට උපකාර කරමින් සුඛෝභෝගී ජීවිතයක් ගත කළ පොලිස් කොස්තාපල්වරයෙකු  රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ   අඟුරුවාතොට පොලිසියට අනුයුක්තව  දැනට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව  සේවය කරන කොස්තාපල්වරයෙකි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන  සේවස්ථ පුහුණු ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටියදීය.

එම සැකකාර කොස්තාපල්වරයා සමඟ හොරයින් මත්ද්‍රව‍ය  ජාවාරම සිදුකිරීම සඳහා යොදා ගනු ලබන  දුරකථන අංක දෙකක් අඩංගු සිම්පත් සහිත කුඩා ජංගම දුරකථනයක් ,  එක් දුරකථන අංකයක සිම්පතක් සහිත ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් , හොරයින් මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු සඳහා භාවිතා කර ඇති බව කියන කුඩා වෑන් රථයක් , හොරෙයින් මත්ද්‍රව‍්‍ය  ජාවාරම් කටයුතු මගින් උපයා ගන්නා ලද රුපියල් 71779 ක  මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

 

 

 



අදහස් (1)

මත් ජාවාරම නිදහසේ සිදු කරන්නට උදව් කළ පීසී මාට්ටු

මංබයියා Friday, 21 November 2025 11:37 AM

අපේ උන්ට දැන් හැමතැනම බැරියර්. මේ ආණ්ඩුවනම් පෙරලන්න ඕනමයි. නුගේගොඩ රැලියෙ ඉන්න මගේ එකම ප්‍රාර්ථනාව මේකයි.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 130 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2593 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site