IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


මණ්ඩලය අලුත් පියවරක් තබද්දී සහයෝගය දෙන්න

(නිමල කොඩිතුවක්කු)

රටේ ජනතාව වෙනුවෙන් විදුලි බල මණ්ඩලය ඉදිරි පියවරක් තබන අවස්ථාවේදී වැඩ වර්ජන සිදුනොකර තමන්ගේ සාධනීය දායකත්වය ලබාදෙන්නැයි වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී  පැවසීය.

ජනතාවට අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීමට, විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට මෙන්ම  ජනතාවට අඩු මිලට විදුලිය සැපයීම යන සියලු කරුණු අනුව විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල කරමින් අද(04) සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත වීමට  විදුලි සේවක වෘත්තීය සංගම් පියවර ගනු ලැබීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

”අපේ රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සේවාවක් සපයන්න, විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න මෙන්ම  ජනතාවට අඩු මිලට විදුලිය සපයන්න සියලු කරුණු අනුව මේ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරනවා. සියයට සියයක් රජය සතු සමාගම් පහකට තමයි මේ යෝජනාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. 

මේ ගැන විදුලි බල ඇමතිවරයා සියලු වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළා. රටට මේ වැදගත් ආයෝජකයන් කැඳවා ගැනීමේදී අපේ කර්මාන්ත පවත්වා ගැනීමේදී පාරිභෝගිකයන්ට සහන සැලසීමේදී මේ පියවර සඳහා යා යුතුම වනවා කියලා සියලු විදුලි බල සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

කලින් ආපු ආණ්ඩු කරන වැඩේ නෙවෙයි මේ කරන්නේ. ඒ නිසා කවුරුත් කලබල වෙන්න ඕන නෑ. ඔබට අවශ්‍ය නම් ප්‍රමාණවත් වන්දියක් ලබාගෙන විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයකුත් තියෙනවා.

ඒ නිසා පරණ දේවල් ඔලුවේ තියාගන්නේ නැතුව දේශපාලන හේතූන් මත වැඩ වර්ජන වලට සේවකයන් කැඳවන්නේ නැතුව විදුලි බල මණ්ඩලය ඉදිරි පියවරක් තබන වෙලාවෙදි ඒ වෙනුවෙන් වෘත්තිය සමිති තමන්ගේ සාධනීය දායකත්වය ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.



අදහස් (5)

මණ්ඩලය අලුත් පියවරක් තබද්දී සහයෝගය දෙන්න

kasun Thursday, 04 September 2025 05:20 PM

මේ මනුස්සයා ඇත්තටම උගත් මිනිස්සුන්ටත් අගෞරවයක්...

:       7       9

කපුරුහාමි Thursday, 04 September 2025 05:45 PM

විදුලි බල මණ්ඩලයේ ඉන්න වෘත්තීය සන්ගම් කාරයෝ එදා ඉන්දළාම කෙරුවේ මොකක් හරි හේතුවක් අල්ලාගෙන වර්ජන කරපු එක. රටට හොද වැඩක් වෙනවා නම් කුහක නොවී සහයෝගය දෙන එකයි... හරි නම් කරන්න තියෙන්නේ. ඉන් ලැබෙන ප්‍රතිඵළ මුලුමහත් ජනතාවටමයි...

:       3       21

ravin Thursday, 04 September 2025 06:10 PM

එහෙම කළොත් මොකද වෙන්නේ? අර පිටින් විදුලිය අරගෙන තම තමන්ගේ මඩි තර කරගන්න අයට තමයි වැඩ වරදින්නේ. පිටිපස්සේ ඉන්න දේශපාලුවන්ට. එයා කැමැති නැහැ.. පාරිභෝගික ජනතාවට කීයක් හරි ආපහු දෙන්න.

:       1       5

Frencis Thursday, 04 September 2025 06:48 PM

ලැජ්ජාවක් කියලා එකක් නැද්ද ඇමැතිතුමෝ ඔහේලා වෙනත් ආණ්ඩු තිබුණු කාලවල රෙද්ද උස්සාගෙන මොනවාද කිව්වේ? දැන් ඔය මොනවාද කියන්නේ...?

:       2       11

bbc Thursday, 04 September 2025 08:14 PM

මෙයාලා විපක්ෂයේ හිටියා නම් බලන්න තිබ්බා මෙයාලාගේ සහාය.... පක්ෂ වලට ගෑවුණු සියලුම සේවක සංගම් තහනම් කරන්න ඕනේ. මේ රටට කෙළවුණේ පක්ෂ වලට මේ වගේ ලොකු බලයක් ගිහින් රටේ හොඳ තීරණ දේශපාලන සේවක සංගම් නිසා කරන්න බැරි වුණු එක. මොනවා වුණත් රනිල්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව, සයිටම්, මේවාට හොඳ නිදසුන්...

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 353 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16577 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 629 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site