IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


භූ විද්‍යා-පතල් කාර්යාංශයට වැටලීම් ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහා ඉතාමත් ඉක්මනින්ම විමර්ශන හා වැටලීම් ඒකකයක් ස්ථාපිත කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

නාවල පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ පරිශ්‍රය නිරීක්‍ෂණයට කිරීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. කාර්යාංශයේ  මෙතෙක් කලක් පැවති සේවක ගැටලු, බලපත්‍ර ලබාදීමේ ගැටලු, නීති ගැටළු,  ප්‍රවාහන ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සේවකයන් අමාත්‍යවරයා දැනුවත් කළේය.

මෙතෙක් කලක් පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පසුගිය ඔක්තෝබර් 18 දා දින සිට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශය යටතට පත්කර තිබෙයි. 

1903 දී ලංකා ඛණිජ සමීක්ෂණ ආයතනය ලෙසින් ආරම්භ කරන ලද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලංකාවේ ඛනිජ ගවේෂණය , බලපත්‍ර නිකුත් කිරීම , ගවේෂණ හා කල්බදු හිමිකම් පැවරීම, විද්‍යාගාර සේවා පවත්වාගෙන යාම, භූ විද්‍යා තොරතුරු ලබාදීම යන කාර්යයන් ඉටු කරනු ලබයි.

 



අදහස් (0)

භූ විද්‍යා-පතල් කාර්යාංශයට වැටලීම් ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1582 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1372 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site