(අංජුල මහික වීරරත්න)
භික්ෂු විනය පිළිබඳ කතිකාවත සම්බන්ධයෙන් මහනායක ස්වාමින්වහන්සේලා පොදු සම්මුතියකට එළැඹෙන්නේ නම් එය ඉදිරියට ගෙන යාමට රජයට හැකියාව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
විහාර දේවාලගම් පනතේ 42 සහ 43 වගන්ති සංශෝධනය කිරීමට කළ ඉල්ලීම බුද්ධශාසන අමාත්‍යවරයා වෙත බාර දී තිබෙන බව කී ජනාධිපතිවරයා දැනටමත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට බාර දී තිබෙන බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී මෙය පැවැත්විණි.
බලය හා ධනය හමුවේ සියලු යහපත් දේ විනාශ වූ සමාජයට යළි මනුෂ්‍යත්වයේ ජීවය කැඳවාගෙන එමින් විනයගරුක සහ යහපත් සමාජයක් ගොඩනැඟිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී කීය.ඒ වෙනුවෙන් මහා සංඝරත්නයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
භෞතික වශයෙන් අත්කරගත යුතු ජයග්‍රහණ මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද ළඟා කර ගත යුතු ජයග්‍රහණ රැසක් තිබෙන බව කී ජනාධිපතිවරයා දිගු කලක් මෛත්‍රිය, කරුණාව, අවිහිංසාව පදනම් කර ගෙන ධර්මය දේශනා කළ, එම ධර්මයට සවන් දුන් රටකට අද අත් වී ඇති ඉරණම සියලුදෙනා අවබෝධ කර ගත යුතු බව පැවසීය.
එබැවින්, විනයගරුක සහ යහපත් සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම ඉටු කිරීමට සියලුදෙනා අප්‍රමාදව එක්ව කැප විය යුතු බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බුදු දහමේ චිරස්ථිතිය සහ අඛණ්ඩතාව ඉදිරියට පවත්වාගෙන යාමේදී උපසම්පදා විනයකර්ම ආදී අවස්ථා ඉතා වැදගත් වන බවද කියා සිටියේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
භික්ෂු විනය කතිකාවත ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්