(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නිවාඩු යැවූ මුදල් අධ්‍යක්ෂවරයෙකු ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට විරුද්ධව ගොනුකළ නඩුව සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම අධිකාරිය එක්කෝටි පනස් එක් ලක්ෂයක මුදලක් වැයකර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මෙහිදී පැමිණි නිලධාරීන්ගෙන් විමසීමේදී අනාවරණය වූයේ මෙම නඩු වලට අදාළව එක් නඩුවාරයකට පෙනී සිටීමට නීතීඥයෙක්ට රු. ලක්ෂ 6 ක් ගෙවා ඇති බවයි.
නමුත් මෙම නඩුවේ තීන්දුව ලෙස අදාළ මුදල් අධ්‍යක්ෂවරයා සියලු හිඟ වැටුප් සහ දීමනා සහිතව නැවත සේවයේ පිහිටුවීමට අධිකරණයයෙන් නියෝග කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. නමුත් අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත අභියාචනයක් ඉදිරිපත් කොට තිබූ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතින බවද කියති. මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර කාරක සභාව පෙන්වා දුන්නේ පෞද්ගලික අවශ්‍යතාවන් අනුව නිලධාරීන් අපහසුතාවට පත් කිරීමට මෙම කාලසීමාවේ කටයුතු කර ඇති බව පැහැදිලි වන බවයි. මේ නිසා මහජන මුදල් අවභාවිත වී ඇති බවද කාරක සභාව පෙන්වා දුන්නේය.
මේ පිළිබඳ අනාවරණය වූයේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බොරු වැඩකට කෝටි එකහමාරක් පුදලා: කර්මාන්ත අධිකාරියට චෝදනාවක්