(විමුක්ති එස් රුද්‍රිගු)
තායිලන්තයේ පැවැති නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය සඳහා වූ ජාත්‍යන්තර සම්මාන වේදිකාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කොළඹ බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන්ට ටයිටේනියම් සම්මානය දිනා ගැනීමට ඊයේ(28) සමත් වූවේය.
කොළඹ බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන් ඊයේ(28) පැවැති අවසන් තරඟයේදී රොබෝ විද්‍යා ක්ෂේත්‍රයෙන් දැක්වූ සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන් ඔවුන්ට ටයිටේනියම් සම්මානය හිමි වූවේය.ටයිටේනියම් සම්මානය යනු එහිදී පිරිනැමෙන දෙවැනි ඉහළම සම්මානය වේ.මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් රටවල් 25 ක් සමඟ තරඟ වැද ඇත.
තරඟාවලිය සඳහා කණ්ඩායම් 441 නියෝජනය කරමින් සිසුන් 1000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර රොබෝ විද්‍යාව පිළිබඳ කුසලතාවය විදහාපාමින් ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලාංකික කණ්ඩායමක් තරඟ වැදි ප්‍රථම අවස්ථාවද මෙය විය.
දැක්වූ දක්ෂතා හේතුවෙන් කාම්බෝජයේ පැරගන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය පූර්ණ ශිෂ්‍යත්ව දිනා ගැනීමට ශ්‍රී ලාංකික සිසුන් සමත් වී ඇත.
ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ම
පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදු
කලගෙඩිහේන ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට ගිය පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඇති අතර එයින් එක් අයකු මිය ගොස් ඇතැයි පො
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනපුරා වැස්ස වැඩි වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වා
රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර, නව ආරක්ෂක අමාත්‍යවරයකු නම් කිරීමට රුසියන් ජනාධිපති
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන්ට සම්මානයක්
fairoos Sunday, 28 April 2024 06:55 PM
සුබ පැතුම්..!
Chamila Fernando Sunday, 28 April 2024 07:06 PM
හදවතින්ම සුබ පැතුම්...!