
(රෝෂන් තුෂාර)
සිය බිරිදගේ අසභ්‍ය විඩියෝ පටයක් සමාජ මාධය ඔස්සේ බිරිඳගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අද(20) ප්‍රකාශ කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකාර ගායකයා අධිකරණයේ පෙනී සිටි අතර අසභ්‍ය ප්‍රකාශන ප්‍රචාරය කිරීමට අදාළ චෝදනාව සැකකරුට ඉදිරිපත් කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් සිය සේවා දායකයා වරද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීමට කැමති බව ප්‍රකාශශ කළේය.
සැකකරුගේ බිරිඳ ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
වසර දහයක් පමණ සැකකරු සමග ජීවත්ව ඇති බිරිඳ ,සැකකරුගේ නොමනා ක්‍රියා කලාප හේතුවෙන් විවාහක නිවස අතහැර මවගේ නිවසට ගොස් ජපානයේ තරුණයකු සමග දුරකථනයෙන් සුහදතා පවත්වා ඇති අතර ඉන් අනතුරුව සමථයකට පත්ව ගායකයා සමඟ යළි විවාහ දිවිය ගෙවා ඇත.
එහිදී පැමිණිලිකාරියගේ ෆේස්බුක් ගිණුම හරහා යොමු කළ මැසේජ් පරීක්ෂා කර ඇති සැකකරු එහි පණිවිඩ හුවමාරුවේදී ලබාගත් නිරුවත් ඡායාරූපයක් දැක එම ඡායාරූපය බිරිඳගේ නැගණියට යොමුකොට ඇත.
සිය ඡායාරූප වට්ස් ඇප් ඔස්සේ ප්‍රචාරය කිරීමම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට බිරිඳ විසින් පැමිණිලි කිරීමෙන් පසුව මෙම නඩුව 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන (සංශෝධිත) පනතේ (2) (අ) සහ 2 (ආ) යන වගන්ති ඔස්සේ අප අසභ්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීමට එරෙහිව චෝදනා ගොනු කරමින් පැවරීය.
සැකකරු අදාල චෝදනාවන්ට වරද පිළිගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් පසුව සැකකරුගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පැමිණිලිකාරිය අධිකරණයේ පෙනී නොසිටීම යන කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 19 වන දින නැවත නඩුව කැඳවීමට නියෝග කළේය.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2559
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බිරිඳගේ නිරුවත නෑනාට යවලා