(සිතුම් චතුරංග)
වවුනියාව , කූමන්කුලම ප්‍රදේශයේ දී බීමතින් යතුරු පැදියකින් ගමන්කළ පුද්ගලයකු නැවැත්වීමට උත්සහ කිරීමේදී අදාල පුද්ගලයා යතුරු පැදියෙන් ඇඳවැටී මියයාමත් සමඟ ප්‍රකෝපවූ ප්‍රදේශවාසීන් පිරිසක් පොලිසිය වෙත පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
ප්‍රකෝපවූ පිරිස පහරදීම හේතුවෙන් පොලිස් කැබ්රථයක් සහ යතුරු පැදි දෙකකටද හානි කොට ඇති අතර සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසිය අහසට වෙඩි තබා ඇ.
අනතුරුව කලහකාරි පිරිස් පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවූ බවත් පොලිසිය සඳහන් කළේය.
පොලිසිය විසින් යතුරු පැදිකරු හබාගොස් යතුරු පැදියට විවිද අවහිරතා කරමින් යතුරු පැදිකරු ඇඳවැට්ටීමෙන් මෙම මරණය පොලිසිය සිදුකළ බවට චෝදනා කරමින් ප්‍රකෝපවූ පිරිසක් නිලධාරින්ට පහරදී පොලිස් කැබ්රථයට සහ යතුරු පැදිවලට හානි සිදුකොට ඇති බවත් පොලිසිය පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බිමත් යතුරුපැදිකරු පොලිසියට වෙට්ටු දාද්දී වැටී මරුට:කලබල වු පිරිස පොලිසියට පහර දෙති
pakeer Saturday, 12 July 2025 01:28 PM
වැරැදි දෙකයි... බීමත්ව රිය පැදවීම සහ පොලිස් අණ නොතකා රිය ධාවනය... කරන්න දෙයක් නැහැ... හරි තීරණයක් දෙන්න. නැතිනම් හැමෝම බීලා පොලිස් අණ නොතකා රිය ධාවනය කරයි...
de silva Saturday, 12 July 2025 01:37 PM
මේවා සුළුවෙන් තකන්න එපා, නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න...
සෙනෙවිරත්න Saturday, 12 July 2025 02:33 PM
මෙහෙම දේවල් වෙනවා, හෙල්මට් නැති පුද්ගලයෙක් හඹාගොස් ඔහු අනතුරකට ලක් වෙලා මැරුණා... ඒක හඹා යායුතු වරදක් නොවෙයි. නමුත් ජීවිතයක් නැති වුණා...
R.T.sarath Saturday, 12 July 2025 03:14 PM
මේවා දේශපාලන වාසි ගන්න නිකන් ලිස්සලා ඇරියොත් ඉදිරියට ලංකාවේ උතුරු කරයේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවී අවනීතිය රජවී විශාල ජීවිත සහ දේපල ප්‍රමාණයක් විනාශ වී කෙලවර වෙන්නේ, මේ සිද්ධියට අදාල සියලුදෙනාම හඳුනාගෙන නීතිය ඉදිරියට ගෙන එන්න කටයුතු කරන එක බලධාරීන්ගේ වගකීමක්...!