IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


බැංකු හොරකමට සුදු හුණු ගෑ මන්ත්‍රීලා 10ක් පසුපස සීඅයිඩිය පන්නයි

(සුජිත් හේවාජුලිගේ)

බැඳුම්කර සිද්ධියට සුදු හුණු ගෑමට සහ එහි තොරතුරු වසන් කිරීමට මත්පැන් සමාගමකින්  කෝටි ගණනින් මුදල් ඇතුළු විවිධ වරදාන  ලබාගත් බව පැවසෙන හිටපු සහ   වර්තමාන  මන්ත්‍රීවරුන් දස දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ පිරිස අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සිටින බව එහි  ආරංචි මාර්ග සඳහන් කළේය.

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්  මුල් වකවානුවේදී බැඳුම්කර සිද්ධිය  දැඩිව  විවේචනය කර ඇති නමුත්  මත්පැන් සමාගමෙන්  මුදල් ඇතුළු විවිධ වරදාන ලබා  ගැනීමෙන් පසු  එලෙස විවේචන කිරීම අත්හැර දමා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර  ඇතැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත

මත්පැන් සමාගමෙන් එම  මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇතැයි පැවසෙන චෙක්පත් ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනටමත් සොයාගෙන ඇත. එම චෙක් පත් පිළිබඳ පරීක්ෂණ මෑතක සිට  අලුත් වටයකින් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

බැඳුම්කර සිද්ධිය පිළිබඳව මුලින්ම විමර්ශන පවත්වනු ලැබුවේ  ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී ශානි  අබේසේකර මහතා විසිනි.

ඔහු එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු  එකී  විමර්ශන අඩපණ වූ අතර  අබේසේකර මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස  පසුගියදා  නැවත පත්කරනු ලැබීය.



අදහස් (7)

බැංකු හොරකමට සුදු හුණු ගෑ මන්ත්‍රීලා 10ක් පසුපස සීඅයිඩිය පන්නයි

prasanna Saturday, 05 July 2025 11:51 AM

නඩු දමන අමුතුම ක්‍රමයක්... මේ අයට පිස්සු හැදීගෙන එනවා. 3% සීමාවට දැන් ළඟාවෙමින් ඉන්න බව දැනගෙන...

:       23       5

දසුන් Saturday, 05 July 2025 12:25 PM

කොහොමද ඒක? මේ යන විදියට ඇතුළට යන්න කලින් හාර්ට් ඇටෑක් වලින් කට්ටිය යන සීන් එකක් තියෙන්නේ..!

:       1       19

ලයන් Saturday, 05 July 2025 12:37 PM

බොහොම හොඳයි... ශානි අබේසේකර මහත්තයාට පුළුවන් අලගිය, මුලගිය තැන් හොයන්න, අර අලි ටෝක්ස් දෙන, මම සුදනා කියන සුඡීව සේරසිංහට මෙන්ඩිස් සමාගමෙන් ලැබුණු චෙක් ගැණත් පසුගිය දවස්වල ඇහුණා, අබේසේකර මහතාණෙනි, මේ පට්ට හොරුන් අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න...

:       2       20

යෝගා ඩෝබි Saturday, 05 July 2025 12:40 PM

ඔක්කෝටම කළියෙන් මහා දවාලේ, රටේ මහා බැංකුවට කෙළින්න සිංගප්පුරුවෙන් අර්ජුනයාව ගෙන්නපු අජූතක බමුණව හිරේට දක්කලා ඉන්න ඕනෑ.

:       3       19

අරවින්ද මොණරවිල Saturday, 05 July 2025 01:27 PM

බැදුම්කරේ රකින්න පොත් ලිව්ව සූජිව, විතරක් නොවෙයි, ෆුට් නෝට් දැම්ම හර්ෂ, අජිත්, හර්ෂණ, වසන්ත අශෝක හෙක්ටර් වගේ අයත් ලැහැස්ති වෙලා ඉන්න තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කරන්න.

:       2       11

pj Saturday, 05 July 2025 03:42 PM

රටේ ආර්ථිකය මැරූ මිනීමරු ජවිපෙට කඩේ යමින් සුදුහුණු ගාන 68 ලක්ෂයට ප්‍රශ්ණයක් නැත්නම් ඕනෑ දෙයක්...

:       6       1

පප්පSaturday, 05 July 2025 05:43 PM

කොල්ලෝ ඔලුව අතගාලා බලන්න අන් එනවාද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 428 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 869 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site