IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බස්වලට ඩීසල් ගහද්දී පොම්පකරුවන් පගාව ඉල්ලනවා

(නිමල කොඩිතුවක්කු)

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද(25) පැවසීය.

බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගනනා බවත් විජේරත්න මහතා සඳහන් කළේය.

බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමේදී පොම්පකරුවන් පගාව ඉල්ලා සිටින බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්  ඔහු පැවසීය.

පොලීසිය සහ හමුදාව බලා සිටියදී ඔවුන් මෙලෙස කප්පම් ඉල්ලා සිටින බවත්  නුගේගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමේ දී තමන්ගෙන්ද ද රුපියල් දහසක මුදලක් ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කළේය.

ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් විජේරත්න මහතා කීවේය.

මගී බස් රථ සඳහා ඩීසල් ලබාදීමට ප්‍රමුඛත්වයක් ලබා නොදුනහොත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් ඔහු තවදුරටත් කීවේය.



අදහස් (6)

බස්වලට ඩීසල් ගහද්දී පොම්පකරුවන් පගාව ඉල්ලනවා

Jayanath Thursday, 26 May 2022 07:34 AM

ඇත්තෙන්ම... මෙහි කලමනාකරුට හෝ පොලිස් නිලධාරියෙකුට හෝ පැමිණිලි කරන්න.

:       0       0

Malika Thursday, 26 May 2022 10:19 AM

පුද්ගලික බස්රථ වලින් පමණක් නොවේ... සෑම අත්‍යාවශ්‍ය සේවා සපයන රථවලින් පොම්පකරුවන් පගාව ඉල්ලනවා. සමහර අයගෙන් රුපියල් 5000/- ගන්නවා. කිරිබත්ගොඩ ශෙඩ් එහෙකින් මෙහෙම ඉල්ලනවා. මේවා ගැන සොයා බලන්න කවුරුත් නැහැ. බිස්නස් එකක් කරන බව දැන ගත්තොත් ඉවරයි. අපිට පොඩියට ව්‍යාපාර කරගෙන යන්න බැරි තත්වයක් තියෙන්නේ. හැම කෙනෙකුටම පගාව දුන්නාම අපිට මුකුත්ම නෑ. කාටද මේවා කියන්නේ..? 225 එහෙම කොට... ඔවුන්ගේ හෙන්චයියලා හැමතැනම ඉඳන් අපේ සේරම හූරාකනවා...

:       0       0

Nuwan Thursday, 26 May 2022 10:59 AM

225ට බැන බැන 1000 සාක්කුවේ දාගන්න ඇති. පගාව නිකන් මත්ද්‍රව්‍ය වගේ...

:       0       0

saku Thursday, 26 May 2022 11:28 AM

තනි අයිතිය තියෙන බස් ඉවත් කරානම් මේ මොන ප්‍රශ්නයක්වත් නැහැ. තනි පුද්ගල අයිතිය නැතිව සිගංප්පූරුවේ බස් සේවය කොයිතරම් පිළිවෙලට දුවනවාද? හරි නම් මේවා වෙනස් කිරීම තමයි සිස්ටම් චේන්ජ් කියලා කරන්න ඕනෑ...

:       0       1

fairoos Thursday, 26 May 2022 01:03 PM

ඉන්න 225 සහ නන්දසේන තොලොංචිවෙලා ගිය දවසට තමයි රටට සෙත..

:       3       1

samanThursday, 26 May 2022 01:54 PM

හැම එකකටම නන්දසේනයි, 225 යි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 42 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 986 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1791 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2008 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1022 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 968 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site