IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බස්-කෝච්චි-ටැක්සි එක තැනකින් ගන්න කොළඹට තැන් 15ක්

(අංජුල මහික වීරරත්න)

කොළඹ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පහළොවක් ගොඩ නැගීම සඳහා ලබන අයවැයෙන් මුදල් වෙන් කරන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (15)පැවැසීය.

කෝච්චි, බස් හා ටැක්සි එකම ස්ථානයෙන් ලබාගත හැකි පරිදි එම මධ්‍යස්ථාන ඉදි කරන බවද අමාත්‍යවරයා කීය.

2029 වසර විට ලංකාවේ වැනි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පනහක්වත් ඇරැඹීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කීවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අමතමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

"රටේ ප්‍රවාහනය  ශක්තිමත් කිරීම අපගේ මූලික අරමුණක්. කොච්චර පාරවල් හැදුවත්, කොච්චර ට්‍රැපික් ලයිට් දැම්මත්,පොදු ප්‍රවාහනය දියුණු කළේ නැතිනම් රටක ආර්ථිකය දියුණු කරන්න බෑ.රටක ආර්ථික ක්‍රියාවලියේ ලොකු කොටසක් ලෙස ප්‍රවාහනය හඳුන්වන්න පුළුවන්.පසුගිය අවුරුදු තිහ හතළිහ තිස්සේ පොදු ප්‍රවානයට නොසලකා හැරීම නිසා මෙන්ම වංචා දූෂණ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය විශාල  වශයෙන් බිඳ වැටී තිබුණා.

මේ රටේ මිනිස්සු මේ ප්‍රධාන බස් නැවතුම්පොළ පාවිච්චි කළේ කොහොමද කියා අවබෝධයක් ගැනීම සඳහා ජනාධිපතිතුමාට වෙලාවක් තිබේ නම් විනාඩි පහක් මේ අවට ඇවිදින්නැයි අප ඉල්ලා සිටිනවා.

බස් නැවතුම්පොළ කියන්නේ මිනිස්සුන් හම්බවෙන යාළුවෙන තැනක් විය යුතුයි,  යනුවෙන්ද අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී කීය.

 



අදහස් (3)

බස්-කෝච්චි-ටැක්සි එක තැනකින් ගන්න කොළඹට තැන් 15ක්

අරවින්ද මොණරවිල Monday, 15 September 2025 11:54 AM

සූපිරි වැඩ්ඩෙක්ට රටේ පොදු ප්‍රවාහන ලැබුණේ, ඒක හදයි ලොවෙත් නැති වෙන්න ! බයවෙන්න එපා බිමල් සහෝදරයා රටේ ජනතාවගෙන් බහුතරයක් ඔබලා සමගයි.

:       4       19

Perera Monday, 15 September 2025 12:14 PM

ඉතාමත් සතුටුයි. රට නිවැරැදි මගකට යොමුකරලා, සද්භාවයෙන් දියුණු කරන්න හදන බව මනාවට අවබෝධ වෙනවා.

:       3       24

රනේ Monday, 15 September 2025 12:42 PM

අපි දීපු ඡන්දේ ගැන අපිට ආඩම්බරයි! ඔබටත් එහෙම නේද?

:       4       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25371 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18150 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10862 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 590 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site