IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


බ්ලින්කන් ආසියා සංචාරය අරඹයි

 

වොෂින්ටනයේදීය (රොයිටර්)
ඇමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලයිකන් සිය පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින්, ජපානයට ගියේය. මෙය බ්ලයිකන්ගේ පළමු ආසියානු සංචාරය ද වෙයි.
බ්ලයිකන් සමඟ මෙම සංචාරයට ඇමෙරිකාවේ පෙන්ටගන් ප්‍රධානී ලොයිඩ් ඔස්ටින් ද ජපානයේ ටෝකියෝ අගනුවර බලා පැමිණියේය. පෙන්ටගනය යනු ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුවය.
ජපානය සහ ඇමෙරිකාව අතර රාජ්‍ය සබඳතා පමණක් නොව, හමුදා සබඳතා ද ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව, බ්ලයිකන් සහ ඔස්ටින් දෙදෙනා ජපානයට පැමිණි බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය දා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිදෝ සූගා අතරේ හමුවක් ද පැවැත්විණි. ඒ, ‘ක්වඩ්’ නායකයන් අතරේ පැවැති සමුළුවේදීය. හමුව පැවැත්වීම සිදුවූයේ වීඩියෝ තාක්ෂණයෙනි. එහිදී බයිඩන්, ජපාන අග්‍රාමාත්‍යවරයාට ඇරැයුම් කළේ වොෂින්ටනයට පැමිණෙන ලෙසටය. එම ඇරැයුම අග්‍රාමාත්‍ය යොෂිහිදෝ සූගා පිළිගත්තේය.



අදහස් (0)

බ්ලින්කන් ආසියා සංචාරය අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site