IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බ්‍රිතාන්‍ය යුවලට සුද්දයක් දුන් අයෙකු අත්අඩංගුව

(සුමිත් පොතුපිටිය)

බ්‍රිතාන්‍ය  ජාතික අඹුසැමි  යුවලකගේ විදෙස් ගමන් බලපත් දෙකක්, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කල සැකකරුව පැමිණිල්ල ලැබී පැය 24 ක් ගතවන්නට මත්තෙන්  අත්අඩංගුවට අද (07) ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.  

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 26  හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී වැටකෙය්යා පදුරක් අස්සේ සගවා තිබූ විදෙස් ගමන් බලපත් දෙක, වීසා බලපත්, බැංකු කාඩ්, කැමරාවක් සහ රන් සහ රිදී ආභරණ සොයාගත් බව පොලිසිය  කීය.

සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව බ්‍රිතාන්‍ය යුවලගේ මුදල් සහ භාණ්ඩ  බහාතිබූ සේප්පුව සොරකම් කර හිස් සේප්පුව මුහුදට විසිකර ඇති බවට ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කීය.

අනෙක් සැකකරු ප්‍රදේශයේ විදේශිකයන්ට ජුවලරි භාණ්ඩ අලෙවි කරන වෙළද සැලක කාන්තාවකගෙන් ස්ටර්ලිං පවුම් මාරුකර ගෙන ප්‍රදේශයෙන් පලාගොස් සිටින බවත්,ඔහු සොයා පරීක්ෂණ අකණ්ඩව සිදුකරන බවත් වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක ලක්ෂිත වීරසිංහ සහ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් ,සැරයන් මනෝජ් (5778) සහ කොස්තාපල් තිලකරත්න (94014) යන නිළධාරීන් වැටලීමට එක්වූහ .



අදහස් (1)

බ්‍රිතාන්‍ය යුවලට සුද්දයක් දුන් අයෙකු අත්අඩංගුව

පැරකුම් Friday, 07 April 2023 10:20 PM

මෙන්න ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ඇගයුමට ලක්කළ යුතු පුවතක්... අහන්නත් සතුටුයි...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site