(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
හන්තාන තරණය කළ තරුණයන් පිරිසකට බඹරුන් ඇනීම නිසා අතරමංව සිටියදී පොලිසිය සහ යුද හමුදාව එක්ව එම පිරිස බේරාගත් බව පොලිසිය කියයි.
බඹරුන් ඇනීමෙන් අසාධ්‍යව සිටි තරුණයන් තිදෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය පවසයි.
කොළඹ ප්‍රදේශයේ පස්දෙනෙකුගෙන් යුත් තරුණයන් පස් දෙනෙකු හන්තාන කන්ද තරණය කිරීම ආරම්භ කොට ඇත. හන්තාන ඉහළම කොටසේ සම්ප්‍රේක්ෂණ කුළුණු ආසන්නයේදී සවස 4.00 පමණ බඹර ප්‍රහාරයකට ලක්වූ බව එම තරුණයන් පොලිසිය පවසා ඇත.
එම බඹ ප්‍රහාරයෙන් කලබල වී ඉන් බේරීම සඳහා කන්දේ ඒ මේ අත දිව යාමෙන් අධික මීදුමත් වර්ෂාවත් හේතුවෙන් ඔවුන් අතරමං වී යන එන මං සොයා ගැනීමට නොහැකි වී තිබේ.
කෙසේ නමුත් ඔවුන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් අනතුරුව මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ප්‍රමුඛ දස දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ යුද හමුදා කාණ්ඩයක් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව රාත්‍රී 9.00 ට පමණ හන්තාන ඉහළම කොටසේ සම්ප්‍රේෂණ කුළුණු ආසන්නයේ සිටියදී ඔවුන් සොයාගත් බව පොලිසිය කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බඹරු නිසා තරුණයෝ පහක් හන්තානේ අතරමං වෙති