(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මාස 13කින් පත් කර නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

මීගමුවේ සිද්ධියේදී බන්ධනාගාර නිලධාරීන් හත් දෙනකු මරණයට පත් වූ බවත්  මෙය  ආණ්ඩුවේ  නොහැකියාව නොවේදැයි තමා ප්‍රශ්න කරන බවත්  ඔහු ප්‍රකාශ කළේය.

ආණ්ඩුව සිය අසමත් භාවය සෑම ක්ෂේත්‍රයකම  පෙන්නුම් කර ඇතැයි  පැවසූ  අලවතුවල මහතා රටට ලැබීමට ඇති රැකියා අවස්ථා රැසක්  අහිමිව ඇතැයිද සඳහන් කළේය.

අද රටේ බොහෝ පිරිසකට ජීවත් වීමට බැරි වාතාවරණයක් උදාවී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.