
(ප්‍රසාද් රුක්මල්)
පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර බදුල්ල දුම්රිය ධාවනයට තව දින කීපයක් ගතවන බව දුම්රිය බළධාරීන් අද (28) පස්වරුවේ පැවසීය .
බදුල්ල දිස්ත්‍රික්කයේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල දෙමෝදර අතර දුම්රිය මාර්ගයට ඉකුත් 25 වන දින විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය මේ වනවිටත් මුලුමනින්ම ඇණ හිට තිබේ .
නානුඔය දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් අද (28) පස්වරුවේ මෙම ස්ථානය ට පැමිණ පරික්ෂා කරමින් එම පස්කදු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබූහ.
කෙසේ වෙතත් එම දුම්රිය මාර්ගය ට කඩා වැටී ස්ථානයයේ ජල පහර ක් තවමත් ගලා යමින් නාය යාම සක්‍රීය මට්ටමේ ඇති බවත් , එම පස් ඉවත් කිරිමේදී තව දුරටත් පස්කදු කඩා වැටෙන බවත් දුම්රිය බලධාරීන් කීහ.
දැනට බැකෝයන්ත්‍රයක් මාර්ගයෙන් මෙම පස් ඉවත් කරන බවත් ,එම ස්ථාමයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා ඉවත් කරන පස් දැමීමට එම ස්ථානයේ ඉඩකඩ නොමැති නිසාවෙන් පස් වෙනත් ස්ථානය කට රැගෙන යාමට සිදුව ඇති බවද පැවසීය.
එමෙන්ම විශාල පස්කන්දක් කඩා වැටී ඇති හෙයින් එම ස්ථානය ට ලගා වීමට වෙනම ගල් අතුරා මාර්ගයක් සකස් කිරිමට සිදු වූ බවත් , උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දෙමෝදර දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරිමට තව දින කීපයක් ගතවන බවද දුම්රිය බළධාරීන් සදහන් කළහ.


2025 දෙසැම්බර් මස 18
628
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
304
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදුලු දුම්රිය පාර දෙමෝදරින් වැහෙයි