IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බිග් මැච් අනතුරේ රියදුරුගේ තොරතුරු එළියට

(ඉන්දිකා රාමනායක)

බදුල්ල ප්‍රදේශයේ ප්‍රධාන  පාසල් දෙකක් අතර පැවති ක්‍රිකට් තරගය අතරතුර  පාසල් සිසුන් පිරිසක් ගමන් ගත් කැබ් රථයක්  පෙරළී සිසුන් දෙදෙනකු මියගොස් , තවත්  සිසුන්  පිරිසක් තුවාල ලැබීමේ සිද්ධියේ කැබ් රථය පැදවූ රියැදුරු සිසුවාට ඇත්තේ තාවකාලික රියදුරු බලපත්‍රයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව  මහතා පැවසීය.

තාවකාලික රියදුරු බලපත්‍රයක් හිම සිසුවෙකුට නිවසේ තිබූ කැබ් රථයක් රැගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් එම සිසුවාගේ දෙමාපියන්  වගකීම් පැහැරහැර අනවදානයෙන් කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම සිසුවා රියදුරු බල පත්‍රයක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වී එම රියදුරු බලපත්‍රය ලැබෙන තෙක් ඔහුට නිකුත් කර ඇත්තේ තාවකාලික රියදුරු බලපත්‍රයක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය,

මෙම ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන්  පාසලේ  විදුහල්පතිවරයා ඇතුළු බලධාරීන් පොලිසිය සමග සාකච්ඡාවක් පැවැත්වූ බවත්,  එහිදි  මෙම කාලය  තුළ සිසුන්ට රථ පෙළපාලියේ යාමට පොලීසිය අවසර ලබානොදුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

එසේ  තිබියදි ඉහත සිසුවා  නිවසේ  තිබු කැබ් රථය රැගෙනවිත් මේ ආකාරයෙන් සිසුන් පිරිසක් නංවාගෙන ක්‍රීඩාංගනය ගමන් කරමින් සිටියදී, කැබ් රථය කුඩා සිමෙන්ති කණුවක ගැටීමෙන් ගැටීමෙන් එය පාලනය කර ගැනීමට නොහැකි ව මෙලෙස පෙරළී ඇති බවද පොලිස් මාධ්‍ය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ.

මෙම සිද්ධියෙන් කැබ් රථය පැදවූ සිසුවා ද තුවාල ලබා ඇති අතර,  සිද්ධිය සම්බන්ධයෙන්  ඔහුට  එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා මේ බව ප්‍රකාශ කළේ අද (3) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි



අදහස් (4)

බිග් මැච් අනතුරේ රියදුරුගේ තොරතුරු එළියට

Goda Monday, 03 April 2023 10:49 PM

දෙමව්පියන්ටත් දඩුවම් දෙන්න ඕන. වාහනය නිදහස් කිරීමට ඔවුන් වගකිව යුතුය.

:       2       10

Rasi Tuesday, 04 April 2023 05:16 AM

ලංකාවේ වැඩියෙන්ම හරක් දෙමවුපියෝ

:       2       11

JayasekaraTuesday, 04 April 2023 12:16 PM

ඔව් වැඩියෙන්ම ඉන්නේ දෙමවුපියෝ හරක්.තමුන්ගේ ළමයි තරවටු කරලා හදාගන්න බැරි තරමට හීනමානයක් තියෙන්නේ .පොඩි කෙල්ලොන්ට කොටට අන්දලා ඇඟ පේන්න එක්ක ගිහින් ..ස්ත්‍රී දූෂණ ඇතිකරන්න අනුබල දෙනවා

:       1       7

pakeer Tuesday, 04 April 2023 11:42 AM

අපිත් ඉස්කෝලේ යනකොට ඔයාවගේ වාහන වල එල්ලිලා ඕනේ තරම් ටවුන් වලයි පිට්ටනි වලයි හුරේ දාලා තියනවා .කොළ අතු ඇඳගෙන වාහන හප්පන් ඒවා අමාරුවෙන් හදාගෙන ගෙවල් වලට අහු නොවී.. කොල්ලෝ කාලේ කරන වැඩ.. මොනවා කරන්න..ද හරිම දුකයි

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 450 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1039 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site