IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බංග්ලාදේශ ගුවන් නියමුවන් පුහුණු යානයක් පාසලකට කඩා වැටෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් ගුවන් නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා ජෙට් යානයක් ඩකා අගනුවර පිහිටි පාසලකට කඩා වැටීමෙන් 19 ක් මියගොස් තවත් 164 දෙනකු තුවාල ලබා ඇතැයි බංග්ලාදේශ බලධාරීහු අද (21) ප්‍රකාශ කළහ.

මියගිය අය අතර එම පාසලේ ශිෂ්‍යයින් 16 දෙනකු සිටින බවත් තුවාල ලැබූ 164 දෙනාගෙන් 83 දෙනකුද ශිෂ්‍යයින් බවත් බංග්ලාදේශ බලධාරීහු පැවැසූහ.එසේම තුවාල ලැබූ 68 දෙනෙකුගේ තත්වය බරපතළ බවත් හේතුවෙන් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

යානය කඩා වැටුණු මයිල්ස්ටෝන් පාසලේ පෙර පාසලේ සිට ඉහළට පන්ති තිබෙන බවත් යානය කඩා වැටෙන අවස්ථාවේදී දරුවන් රැගෙන යාමට පැමිණි මාපියන්ද එහි සිට ඇති බවත් බංග්ලාදේශ බලධාරීහු සඳහන් කළහ. කඩා වැටුණු ජෙට් යානය චීනයේ නිෂ්පාදිත එෆ් - 7 වර්ගයේ එකක් වන අතර එම ජෙට් යානය කඩා වැටී ඇත්තේ ඩකා අගනුවර පිහිටි මයිල්ස්ටෝන් නැමැති පාසලේ දෙමහල් ගොඩනැගිල්ලකටය.

අනතුර සම්බන්ධයෙන් බංග්ලාදේශ ගුවන් හමුදාව නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අනතුරට ලක්වූ යානය පුහුණු අභ්‍යාසයක් සඳහා ඩකාහි ඒ.කේ. කන්දකර් ගුවන් හමුදා කඳවුරෙන් ඊයේ(21) එරට වේලාවෙන් පස්වරු 1.06 ට පමණ ගුවන්ගත වූ බවත් ගුවන්ගත වී සුළු මොහොතකින් යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටී ඇති බවත්ය.

යානය කඩාවැටීමත් සමග විශාල ගින්නක් හටගෙන ඇති බවද බංග්ලාදේශ ගුවන් හමුදාව පැවැසුවේය. අනතුරට හේතුව කාර්මික දෝෂයක් යැයි විශ්වාස කළත් සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීමට ඉහළ පෙළේ කමිටුවක් පත්කරන බවද බංග්ලාදේශ ගුවන් හමුදාව ප්‍රකාශකළේය .

ජෙට් යානයේ ගුවන් නියමුවා වූ ෆ්ලයිට් ලුතිනන් එම්. තවුකීර් ඉස්ලාම්ද අනතුරෙන් මියගොස් ඇති බවත් ඔහු යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති බවට දැනගත් අවස්ථාවේ ජනාකීර්ණ නොවන ප්‍රදේශයකට යානය පියාසර කරවීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහය අසාර්ථක වී ඇති බවත් බංග්ලාදේශ ගුවන් හමුදාව පැවැසුවේය.

බංග්ලාදේශය අද(22) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය සියලුම සහාය ලබාදීමට ඉන්දියාව සූදානම් බවය.



අදහස් (0)

බංග්ලාදේශ ගුවන් නියමුවන් පුහුණු යානයක් පාසලකට කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site