(නිමල් ජයරත්න)
පෞද්ගලික බස් රථ රියදුරකු පොලොන්නරුව ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමෙන් පසු ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයා ඇතුළු පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයට අතරමගදී පෞද්ගලික පන්ති යන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් පටවා ගෙන ඒම නිසා පෞද්ගලික බස් රථයට මගී ජනතාව අඩුවීම මෙම ගැටුමට හේතුව බවද පොලිසිය කියයි.
මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවද පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකාරවරයා, කාර්මික නිලධාරියකු සහ, ඩිපෝවේ රියදුරු රෝහල් ගතවීමෙන් අනතුරුව පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද පොළොන්නරුව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි.
ඩිපෝ කළමනාකාරවරයාට,රියැදුරට සහ කාර්මික නිලධාරියාට පහරදීමත් සමග, ඊට විරෝධය පළ කරමින් සියලු බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර පහරදීමට විරෝධය පළ කරමින් 26 වෙනිදා බස් රථ වර්ජනයක් ද සිදු කිරීමට කටයුතු කරන බව ඩිපෝවේ නිලධාරියෙක් අප කළ විමසීමකදී පැවසීය.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
පෞද්ගලික බස් රියදුරෙක් ඩිපෝ කළමනාකරුට ගහලා