IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස් වාර්තාව අනිවාර්යයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මැතිවරණ වලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදි වලට සම්බන්ධද? නැද්ද?යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නාම යෝජනා ලබා දීම, ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂය සමග කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වමේ හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ඒ බොහොමයක් නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.

මැතිවරණයට දින තීන්දු වූ පසු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන බවත් කෙසේ නමුත් අප ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 



අදහස් (9)

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස් වාර්තාව අනිවාර්යයි

ප්‍රියා Sunday, 19 October 2025 01:14 PM

හැමදාම ජාතික ලැයිස්තුවෙන් තමයි...

:       0       2

කල පල Sunday, 19 October 2025 01:48 PM

සරං, කලිසං, අමුඩය සහ?

:       0       1

දීපාල් Sunday, 19 October 2025 01:49 PM

අනේ ඔයාගෙ මොලේ... කෙහෙල් ඉෂාරා ඇල්ලුවේ නැත්නම් සාමාජිකයන්ගේ පොලිස් සහතික හොඳයි නේද... පොඩ්ඩක් හිටපන් අනික් ටිකත් අල්ලනකම්.... පොලිස් සහතිකේ ඇපයට දෙන්න ට්‍රයි එක..

:       0       1

ගමේ එකාලා Sunday, 19 October 2025 02:09 PM

පොහොට්ටුවේ වැඩි හරියක් ඉන්නේ පට්ට හොරු, දූෂිතයෝ. ඔවුන් කරලා තියෙන වැඩවල හැටියට පොලිස් වාර්තාවක් වුණත් හොරට හදාගන්න බැරිකමක් නැහැ.

:       0       2

ගුණරත්න Sunday, 19 October 2025 02:09 PM

හොඳ අදහසක්, අනෙත් පක්ෂත් මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි.

:       0       1

Prabath Sunday, 19 October 2025 02:16 PM

ඔය අනිත් පක්ෂත් ඕක කළා නම් හොදයි වගේ... මොකද කළින් කාලා බලලා නෙවෙයිනේ අරගෙන තියෙන්නේ ඊබ්‍රහිම් එහෙම...

:       0       1

Siri Sunday, 19 October 2025 02:19 PM

වැඩේනම් අපුරුයි, හා හාපුරා කියලා මුන්නැහේ කරපු කියපු දේවල් ගැන සම්පුර්ණ පොලිස් වාර්තාවක් අරගෙනම වැඩේ පටන්ගත්තා නම් තමා හොඳ...

:       2       7

Mohan Sunday, 19 October 2025 02:29 PM

ගොන් වැඩ නොකර ඉන්න.

:       2       1

K N Kumarasiri Sunday, 19 October 2025 02:32 PM

එක්කෙනෙක්වත් හොයාගන්න බැරිවෙයිද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1071 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site