IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


පොලිස් පරීක්ෂකවරුන්ගේ තීන්දුව පසුවට

(මනෝප්‍රිය ගුණසේකර)

උප සේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරනු ලැබු පොලිස් නිලධාරීන් හේතුවෙන් නිත්‍ය සේවයේ රාජකාරි කළ නිලධාරීන්ට උසස්වීම් දීමේදී සේවා කාලය සැළකීම හේතූවෙන් තමන්ට සිදුවන අසාධාරණයට සුදුසු විසඳුම් දෙන්නැයි ඉල්ලා පොලිස් පරීක්ෂකවරු 72ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දුව පසුව ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) දැනුම දුන්නේය.

නිසි විසඳුම් ඉල්ලා පොලිස් පරීක්ෂක ඕ සි සුබසිංහ මහතා ඇතුළු 72 ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස දැනුම දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් විභාගයට ගැනීණි.

පොලිස් පරීක්ෂක ඕ සි සුබසිංහ මහතා ඇතුළු පොලිස් පරීක්ෂකවරුන් 72 ගොනුකර තිබූ පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් ජාතික පොලිස් කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.

නිත්‍ය පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස්වීම් ලැබු පෙත්සම්කරුවන් ගොනු කර තිබු පෙත්සමේ තමන් සිය`ථ දෙනාම 2006 වසරේදී පොලිස් උපසේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර ඇති බවත් පොලිස් පරීක්ෂක තනතුරුට උසස්වීම් ලැබූ අයට වසර හතරක සේවා කාලයක් සලකා ඇති නමුත් නිත්‍ය සේවයේ සිට පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලැබූ අයට සේවා කාලය වසර හතක් විය යුතු වුවත් එම සේවා කාලය නොසැලකීමෙන් තමන්ට ඉමහත් අසාධාරණයක් සිදු වී ඇති බවත් ඉන් තමන්ගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් සඳහන් කර ඇත.

මෙම තත්ත්වය තුළ තමන්ට වසර හතක සේවා දිගුවක් ලැබෙන පරිදි තම සේවා කාලය සකස් කිරීමට නියෝග කරන්නැයි පෙතසම්කරුවෝ ඉල්ලා සිටිති.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රිස්ට්ලි රසීක් මහතා පෙනී සිටියේය.



අදහස් (0)

පොලිස් පරීක්ෂකවරුන්ගේ තීන්දුව පසුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 353 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16577 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 629 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site