(අංජුල මහික වීරරත්න)
මහ ඔය ද්‍රෝණියේ ඇතැම් ධරා ප්‍රදේශ වලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති පෙදෙස් කිහිපයකට සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
හෙට(21) දහවල් 12 දක්වා මෙම අනතුරු ඇඟවීම වලංගු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
වර්ෂා තත්ත්වය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව මඟින් මහ ඔය ද්‍රෝණියේ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 36 ක කාලයේ අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශ වල පදිංචි ජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පෙදෙස් අටකට ගංවතුර අනතුරු ඇඟවීම්