IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන විමර්ශනයක්

(නිමල් ජයරත්න)

මඩකලපුව දිස්ත්‍රික්කයේ යම් සංවිධානගත පිරිසක්  පුරාවිද්‍යා නාම පුවරු ගලවා දමා රැගෙන යාම  සම්බන්ධව පට්ටිපොළ සහ කොක්කඩිචෝලේ පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්‍ය හින්දුම සුනිල් සෙනව් මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධව පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජයපාල මහතා දැනුවත් කර ඇති බවත් ඒ අනුව නිසි විමර්ශනයක් කරමින් වගකිය යුත්තන් නීතිය හමුවට පැමිණීමේ කටයුතු සිදු කරන බව ද , අමාත්‍ය වරයා පැවැසීය.  

අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

පුරාවිද්‍යා ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීම රජයේ වගකීමක්, එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරී තිබෙනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ක්ෂේත්‍රය සම්බන්ධව යම් කලබලයක් ඇතිවෙලා තිබෙනවා, කාලයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පුරා විද්‍යා ස්ථාන සහ පුරා වස්තු තිබෙන ස්ථාන පෙන්වලා නාමපූවරු හා සංඥා පුවරු ඉදි කරනවා, මඩකලපුව දිස්ත්‍රික්කයෙත් මෙබඳු සංඥා පූවරු ඉදිකිරීම නොවැම්බර් තුන්වෙනිදා ඉඳලා ආරම්භ කළා,

සාමාන්‍යයෙන් ඒක දෙපාර්තමේන්තුව විසින් කරගෙන ආ ව්‍යාපෘතියක්. මේ ප්‍රදේශයේ බාර අපේ මඩකලපුව අම්පාර සහකාර අධ්‍යක්ෂතුමාමේකට මැදිහත් වුණා. අපිට දැන ගන්නට ලැබුණා යම් සංවිධානාත්මක පිරිසක් මේ රජයේ දේපොළ, ඉදිකරලා තියෙන පූවරු ගලවා දමා පටවාගෙන යෑමක් සිද්ධ කරනවා, මේ ආකාරයට ස්ථාන හතරක එක සිද්ධ වුණා. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාලච්චේන පොලිසියේ එක පැමිණිල්ලකුත්, පට්ටිපොළ කොක්කඩිචෝලේ තවත් පැමිණිල්ලකුත් තියෙනවා,

මම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමිය මේ වෙනුවෙන් දැනුවත් කරලා තියෙනවා,එතුමියත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.පොලිසිය භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම පොලිසියට උපදෙස් ලබාදීලා තිබෙනවා නිසි විමර්ශනයක් කරලා වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන්න.

පුරාවිද්‍යාව ආරක්ෂා කිරීම රජයේ වගකීමක්.ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරිලා තිබෙනවා, මට දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ පළාත් පාලන ආයතනවල අවසර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නෑ කියලා මේ පූවරු සවිකරන්න,

ඒක කාලාන්තරයක් තිස්සේ කරගෙන යන කටයුත්තක්. ඉතාම පැහැදිලියි මේක පිටුපස්සේ තියෙන්නේ දේශපාලන උවමනාවක්.අහිංසක මිනිස්සුන්ට පළාතේ පුරවැසියන්ට මේක උවමනා දෙයක් නෙවෙයි.මේක රජය තේරුම් අරගෙන තියෙනවා,

මනම්පිටිය පොලිස් ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුනිල් සෙනවි මහතා ඒ බව කීය.



අදහස් (0)

පුරාවිද්‍යා බෝඩ් ගැලවීම ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 68 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 168 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1022 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site