IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පුතාට වායු රයිෆලයෙන් වෙඩි තැබූ පියා අත්අඩංගුවට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පල්ලම මදවක්කුලම කම්මන්දළුව ප්‍රදේශයෙ පියෙකු තම පුත්‍රයාට වායු රයිපලක් යොදා ගනිමින් කළ වෙඩි තැබිමේන් තුවාල ලැබු පුතා ආණමඩුව රෝහලට ඇතුලත් කිරීමේන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට  මාරු කර යවා ඇති බව කියයි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මදවක්කුලම කම්මන්දළුව ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

පියා මාංශ ආශ්‍රීත ව්‍යාපාරයක් කරගෙන යන බවත් ඔහු පවුලේ පිරිස් සමග නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගන්නා බවත් පුතා සමග ද නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගන්නා බවද පොලිස් පරික්ෂණ වලදි තහවුරු වී තිබේ.

 ඊයේ(18)   දහවල්ද පුතා සමග කිසියම් කරුණක් හේතුවෙන් බහින් බස් විමක් සිදුව ඇති බවත් එයින් පසු පියා විසින් යකඩ දිග යකඩයක් ගෙන පුතාට පහර දීමක් කර ඇති බවත් එහිදි පුතාගේ පාදයකට දරුණු පහරක් වැදි ඇති බවත් කියයි.

ඉන් පසුව තම පියාගේ පහර දීම් වලින් බේරීම සදහා පුතා දිව යද්දි පියා විසින් නිවසේ ඇති වායු රයිපලයක් ගෙන වෙඩි තැබිමක් සිදු කර ඇති අතර මෙම වෙඩි පහර පුතාගේ උරහිස දෙසට වැදි ඇති බවත් කියයි.

පසුව ප්‍රදේශවාසින් විසින් පුතාව කඩිනමින් ආණමඩුව රෝහලට ඇතුලත් කර තිබු අතර එහිදි වැඩිදුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ගිලන් රථ මගින් රැගෙන යාමට කටයුත කර තිබුනී.

සිද්දියට සම්බන්ධයෙන් පල්ලම පොලිසිය පියා අත් අඩංගුවට ගැනිමට යාමේදි ඔහු නිවසේ උඩු මහලේ සැගව සිටි බවත් පසුව අත් අඩංගුවට ගැනිම සිදුවු බව කියයි.



අදහස් (0)

පුතාට වායු රයිෆලයෙන් වෙඩි තැබූ පියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1029 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1064 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site