(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීමේදී බොහෝ දේශපාලන පක්ෂවල මතුවී ඇති විවිධ ගැටලු සහ අර්බුද හේතුවෙන් සභික ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම පමාවෙමින් තිබෙන බව වාර්තාවේ.
මේ තත්වය යටතේ පළාත් පාලන ආයතන පිහිටුවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ ප්‍රමාදය සැලකිල්ලට ගෙන, සතියක් ඇතුළත සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දුන්නේය.
පළාත් පාලන ආයතන වලට පත් කෙරෙන සභිකයන් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි වන්නේ මෙම සියලුම නාම ලේඛන ලැබුණු පසුව බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පුංචි මන්ත්‍රී පුටුවලට මහ ගෝරි
කෞෂි Saturday, 17 May 2025 11:08 AM
තව එකතුවෙලා බලේ ගන්නලු යන්නේ. මේ අය එකතුවෙලා බලේට ආවොත් මිනිස්සු මැරෙන්නේ හිනාකාලා...
Mangala Saturday, 17 May 2025 01:54 PM
පරණ ක්‍රමයට ඡන්ද තිබ්බා නම් කිසි අවුලක් නෑ. දැන් මේක කැඳ හැලියක් වෙලා තියෙන්නේ.
ගමේ එකාලා Saturday, 17 May 2025 02:20 PM
දූෂිත දේශපාලුවෝ බලයේ හිටපු කාලේ කරපු හරිය හොඳට ඇති. දැන් ඉන්න අය හදන්නේ ගමේ බලය අල්ලාගෙන ගමටත් කෙළින්න...
Sudha Saturday, 17 May 2025 02:46 PM
කලුතර දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය සභාවක වැඩි ආසන ගාණක් (මුලු බහුතරය නෙවෙයි) විපක්‍ෂය දිනලා. ඒ ආසනයේ ඉන්න පාර්ලිමේන්තු විපක්‍ෂ මන්ත්‍රී ඡන්දයට කලින්ම හොරෙන් ඩීල් දාලා ගත්ත වෙන පක්‍ෂයක කෙනෙක්ට තනි කැමැත්තට බෝනස් සීට් එක දීලා. ඒ කාන්තා නියෝජනය කියලාලු... තමන්ගේ පක්‍ෂයේම දර දිය ඇදලා කොට්ඨාස දිනවලා දීපු අය ලැයිස්තුවේ ඉඳිද්දී ඡන්දය ඉල්ලලා පැරදුණු පැරෂුට්කාරිට දීලා. පක්ශයෙන් කිව්වා කියලා ඡන්දය ඉල්ලලා පැරදුණු අඩු වයසේ කෙනෙක්ට දෙන්න කියලා. පක්ෂයෙන් කිව්වා කියන කෑල්ල බොරුලු. තමන් පක්ෂ නායකයා කිව්වත් අහන්නේ නෑ කියලාලු. ඩීල් කියලා තමයි කියන්නේ....