(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ගේ ඖෂධවල හිඟයක් තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ(24)පැවසුවාය
අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක ඖෂධ හිඟයක් ඇතැයිද ඇය කීවාය.
ඇය මෙසේ පැවසුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ ලොකු හිඟයක් නැති බවයි.
සමහර ඖෂධ හිඟ වුවත් දේශීයව මිලදී ගැනීමටරෝහල් අධ්‍යක්ෂවරයාට මුදල් සහ අවසරය ලබා දී ඇති බවද ඔහු සඳහන් කළේය.
සමහර බෙහෙත් පොදුවේ නොදෙන බවත් ඒවා ලබාදෙන්නේ රෝගියාගේ නමට බවත් හෙතෙම පැවසීය.
නැති බෙහෙත් පවා ලබා ගැනීමට සුදුසු ක්‍රමයක් සකස් කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය
දේශීය ඖෂධ ලියාපදිංචි කිරීමේදී ප්‍රමාදයක් ඇතිවී තිබෙනවා. දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට මෙය ලොකු ප්‍රශ්නයක්.
හංසක විජේමුණි මහතා:
දේශීය නිෂ්පාදකයන් වෙනුවෙන් ප්‍රමුඛතාවන් තීරුවක් තියෙනවා. යම් අයදුම්පතක් අනුමත කරන්න යම් කාලයක් ගතවෙනවා. දින තුන් සියය තමයි ලෝකයේ බොහෝ රටවල තියෙන්නේ. අපි ඒ කාලය මෙහාට ගන්න කටයුතු කරනවා. දේශීය නිෂ්පාදකයන් සම්බන්ධයෙන් දින පැනපු ලේඛනයක් නෑ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පිළිකා රෝහලේ දරැවන්ගෙ බෙහෙත් හිගයි
මාලිමාගැත්තා Thursday, 24 July 2025 02:21 PM
ඔව්වා එළිකළා වගේ නෙවෙයි, දැන් මොකක් හරි එකකට උසාවි යන්න වෙයි...!
අරවින්ද මොණරවිල Thursday, 24 July 2025 04:29 PM
කාලයක් හාල් අල්ල ගත්තා ඊට පස්සේ බිත්තරේ එල්ලුනා ඊටත් පස්සේ ලුණු පොල් කට්ටට වැටුනා දැන් බෙහෙත් පෙත්තෙන් ගොඩ යන්න හදනවා. ඊට ඉස්සර වෙලා හන්තාන වත්තේ ඉඩම් ගත්ත හැටි රටට කියලා ඉන්නවද ?