(නිමල කොඩිතුවක්කු)
නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා එම ධුරයේ සිටිමෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ස්වාධීනව සිදු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසිය.
නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ඒම තුළ ආණ්ඩුවට සිදුවන අපහසුතාවය නවත්වන්න කතානායකවරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවත් එයට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය පොදු විරෝධය පළ කරන බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිණි.
“පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වුණ සියලුම් දෙනා නීතිය ඉදිරියට ගෙන ආ යුතු බව වර්තමාන ආණ්ඩුව සහ සමගි ජනබලවේගය ජනාධිපතිවරණ මැතිවරණයේදී ප්‍රකාශ කළා.
කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අභියෝගාත්මක බව පසුගියදා ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා.
ඒ අභියෝගය එන්නේ නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගෙන් දැයි අපිට සැකයක් තිබෙනවා.
ඒ වගේම රජය විසින් රජය පරික්ෂාවට ලක් කළ යුතුයි කියන මතයත් එහිදි ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව පාස්කු බෝම්බ ප්‍රහාරයට යම් කිසි ආකාරයට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව තුළ සිටිනවාදැයි කියන සැකය ඇතිවුණා.
ආණ්ඩුවේ සිටින නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවනවිට නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ වගකිමක් දරපු පුද්ගලයෙක් වර්තමාන ආණ්ඩුවෙත් වගකිමක් දැරිම ප්‍රශ්න සහගතයි. නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා යටතේ සිටින නිලධාරින් විසින් තමයි පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ සිදුකරන්නේ. ඒ නිසා නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන නියෝජ්‍ය ආරක්ෂ ඇමැතිවරයා එම ධුරයේ සිටිමෙන් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ස්වාධීනව සිදුවන්නේ නැහැ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාස්කු පරීක්ෂණයට ඇති බාධාවක් මුජිබර් පෙන්වයි