
(සුජිත් හේවාජුලිගේ)
මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් එල්ලුම් ගහට නියම වුණු 826 දෙනා අතර පාසල් සිසුන් පස්දෙනෙකුද සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය.
මව කල වැරදි වලට මව සමග සිර දඬුවම් විඳින වයස පහට අඩු දරුවන් 42ක් සිටින බව පැවසූ කොමසාරිස්වරයා මින් 19 දෙනෙකු පිරිමි සහ 23දෙනකු ගැහැණු දරුවන් බවද ප්‍රකාශ කළේය.
මරණ දඬුවම නියම කෙරුණු 826 දෙනකු රට පුරා බන්ධනාගාරවල සිටින බවත් මින් වැඩි පිරිසක් එනම් 805 ක් පිරිමින් බවත් වීරසිංහ මහතා පැවසීය.
මරණ දඬුවම නියම කෙරුණු කාන්තාවන් සංඛ්‍යාව විසි එකක් බවද ඔහු අනාවරණය කළේය.
රට පුරා බන්ධනාගාර 36ක් පවතින බව පැවසූ බන්ධනාගාර කොමසාරිස්වරයා දහ දාස් පන්සීයක් සිටිය යුතු එම බන්ධනාගාරවල මේ වනවිට 36000ක් සිටින බව සඳහන් කළේය.
ඒ අනුව බන්ධනාගාරවල ධාරිතාව සියයට හාරසීයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
දිවයින පුරා බන්ධනාගාරවල සැකකරුවන් 25173ක් සිටින බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1451
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1307
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
472
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාසල් දරුවෝ පහක් එල්ලුම් ගහ ළඟ : මවත් එක්ක හිර බත් කන කිරි දරුවෝ 42ක්