IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පාරේ යන මිනිසුන්ගේ ගිණුම්වලින් සල්ලි ඇද්ද පි.සී මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)

කොළඹ ප්‍රදේශයේ ස්ථාන තුනකදි  සිවිල් පුද්ගලයන් කිහිප දෙනකුද  සමග එක්වී මාර්ගයේ ගමන් කරන පිරිස් නවතා පරීක්ෂා කර ඔවුන්ගේ ජංගම දුරකථනවල අන්තර්ජාල බැංකු සේවා මගින්  සිය ගිණුම්වලට බලහත්කාරයෙන් මුදල් බැරකර ගත්තේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඊයේ (4) සැකපිට අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මූලස්‌ථානයේ කොස්තාපල්වරයෙකි.

පසුගිය විසිවැනිදා ලේක්හවුස් ආයතනය ඉදිරිපිට දීද,27 දා බාලදක්ෂ මාවතේදී සහ පසුගිය අටවැනිදා පිටකොටුව ප්‍රදේශයේදී ද රැඳී සිටිමින් මාර්ගවල ගමන් ගත් ඇතැම් පුද්ගලයන් නවතා පරීක්ෂා කර බලා  මෙසේ මුදල් ලබාගෙන තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකාර කොස්තාපල්වරයා සමග එක්වී මෙම ක්‍රියාවට සම්බන්ධ වූ සෙසු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහාද පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා ඔහුගේ රාජකාරී වැඩ තහනම් කිරීමට උසස් පොලිස් නිලධාරීන් කටයුතු යොදා අැත

කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

පාරේ යන මිනිසුන්ගේ ගිණුම්වලින් සල්ලි ඇද්ද පි.සී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16747 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site