IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාතාලයෙක් ගිනි අවි උණ්ඩ සමඟ අල්ලයි

(කේ. බුද්ධික කුමාරසිරි)

ප්‍රබල මත්දුව්‍ය  ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදේශගතවී සිටින හීනටියන  මහේෂ් යන පුද්ගලයාගේ ඥාතියකු බව කියන "ජින්ගා" යන අන්වර්ථ නාමය ලබන පුද්ගලයකු විදේශ රටක නිෂ්පාධිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මැගසිනයක් සහ ටී 56 ගිනි අවි උණ්ඩ 25 සමඟ අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම සැකකරුගෙන් ලබාගත් ප්‍රකාශයක් මත විමර්ශනය කිරීමේදී හීනටියන මහේෂ් නමින් පාතාල ක්‍රියාකාරකම් සහ බලය පතුරවමින් මිනුවන්ගොඩ , අංගොඩ , හීනැටියන සහ කටුනායක යන ප්‍රදේශවල අපරාධ සහ ජනතාවගෙන් කප්පම් මුදල් රැස්කිරීමේ කටයුතුවල නිරතව ඇති බවද එම කොට්ඨාශය පවසයි.

මෙම සැකකරුට ප්‍රදේශවාසීන් තිබෙන බිය සහ මෙම පාතාල බලය පතුරවමින්මින් මේ පිළිබඳ කිසිම පොලිසියක පැමිණිල්ලක් සටහන් නොකිරීමත් ඊට කදිම හේතුවක් වූ නිසාත් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයෙන් නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සූක්ෂමව මෙම වැටලීම සිදු කර ඇත.

මේ පිළිබඳව වැඩිදුරු විමර්ශන කිරීමේදී ටී 56 වර්ගයට  අයත් ස්වයංක්‍රීය ගිනි අවියට යොදන පතුරන් 25ක්ද මෙම පුද්ගලයා සන්තක තිබී අත්අඩංගුවට ගෙන ඇත.



.



අදහස් (0)

පාතාලයෙක් ගිනි අවි උණ්ඩ සමඟ අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site