
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ගේ ඡායාරූපයට වෙනත් පුද්ගලයකුගේ ජීව දත්ත ඇතුළත් කර ඉදිරිපත් කළ අයදුම් පත්‍රයෙන් නිසි පරික්ෂාවකින් තොරව බාරයට ගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක ( පාලන) ගයනාත් ප්‍රසංග අත්අඩංගුවට ගත් බව කොළඹ වංචාව විමර්ශන කාර්යාංශය සඳහන් කරයි
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කිරීම සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමකට අනුව කොළඹ වංචාව විමර්ශන කාර්ය අංශයේ විමර්ශන ඒකක එක මගින් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
ඉන්දියාවේ චෙන්නායි සිට මෙරටට පිටුවහල් කර ඇති සංවිධානාත්මක අපරාධ කල්්ලි සාමාජිකයකු වන හේවා පේදිගේ දිනූක චතුරංග නොහොත් කෙහෙල් වත්තේ දිනූක යන අයගේ ඡායාරූපය සඳහා වෙනත් පුද්ගලයකුගේ ජීව දත්ත ඇතුළත් කර තිබියදී අදාළ අයදුම් පත්‍රයේ නිසි පරික්ෂාවකින් තොරව බාරයට ගෙන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම මගින් ආගමික විගාමික පනතේ 45(2) (1)වගන්තියේ සඳහන් ආධාර අනුබලදීමේ වරදට සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
51 හැවිරිදි සැකකරු මාතර මඩිහ කනත්තගොඩ පාර පදිංචිකරුවෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට මෙහෙම හරි ඉතුරුවෙලා තියෙන එක පුදුමයක්, මොවුන් හිරේට යවලා විතරක් මදි... මොවුන්ගේ දේපල පවරා ගන්න ඕනේ...