IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


පාතාලය එක්ක හාද හිටපු මැති ඇමති විස්සකගේ ලැයිස්තුවක් මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රසිද්ධ පාතාලකරුවන් සමඟ ගනුදෙනු පැවැත්වූ බව පැවසෙන හිටපු මැති ඇමතිවරුන් දේශපාලනඥයන් ඇතුළු විවිධ ප්‍රභූ පුද්ගලයන් විස්සකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරියේදී ඡායාරූප ද සමඟ තොරතුරු හෙළිදරව් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර පාතාලකරුවන් සමඟ පැවැත් වූ ගනුදෙනු සම්බන්ධයෙන්විවිධ දේශපාලඥයන්ට චෝදනා එල්ල කිරීම හේතුවෙන් දේශපාලන පිටියේ මේ දිනවල උණුසුම් තත්ත්වයක් මතුව ඇත.

පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අද විවිධ කරුණු දැක්වීම් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටී. මේ හේතුවෙන් අද මැති සබය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිතය.

මේ අතර පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාලකරුවන් සම්බන්ධ පැවැත්වෙන විමර්ශන සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය විවිධ හෙළි කරන තොරතුරුවලින් එම පරීක්ෂණවලට බාධා මතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

මෙම පාතාලකරුවන් ඇතැම් දේශපාලඥයන් සමඟ පැවැත්වූ මුල් සබඳතා පිළිබඳව තොරතුරු ගණනාවක් දැනට අනාවරණය වී ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහෙත් පරීක්ෂණ අවසන් වන තුරු ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර හෙළිදරව් කළ නොහැකි බවද හෙතෙම පැවසීය.

 



අදහස් (15)

පාතාලය එක්ක හාද හිටපු මැති ඇමති විස්සකගේ ලැයිස්තුවක් මැතිසබයට

Jagath Leanage Tuesday, 09 September 2025 09:23 AM

කාල වරෙන්කො.

:       2       5

වෙන්ඩ ප්‍රභූ බකල ජයා Tuesday, 09 September 2025 09:25 AM

මගේ නමත් ගෑවිලනම් නියමයි. මමත් එතකොට ප්‍රභූ.

:       1       4

ජිල්බු Tuesday, 09 September 2025 10:10 AM

දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට එරෙහි වන අය හෙලා දකිමු! සැමතැන මේ පැක්ටරි බිහිවී සීතල රටක සිහිනය සැබෑවී එය ආසියාවේ ආශ්චර්යය වේවා.

:       1       4

විමල් Tuesday, 09 September 2025 10:47 AM

ඒ ඇත්තෝ හිටපු අය නම් කෙලින්ම නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න පුලුවන් නෙ.මේ ඉන්න අයට කියල වැඩක්නැහැනෙ. ඇයි එහෙම නොකරන්නෙ? මට හිතෙනහැටි.

:       2       12

Kamal Koyrala Tuesday, 09 September 2025 10:48 AM

සියලු පරීක්ෂණ නිමකොට නීති ක්‍රියාත්මක කරන තෙක් සන්දර්ශන නවත්වා, එය පොලීසියට සහ අධිකරණයට භාර දිය යුතුයි. රජයේ වැඩ කටයුතු අවුරුද්දක් ගත වීත් එතනමයි.

:       5       9

Jagath Leanage Tuesday, 09 September 2025 10:56 AM

"වරු" ලා බරගානක් ඇති.

:       3       9

ravin Tuesday, 09 September 2025 11:21 AM

ගහපු බෙරේකුත් නෑ, බෙරේ පලුවක්වත් නෑ. ප්‍රබල පාතාල ක්‍රියාකාරින් කිප දෙනෙකුම පසුගිය කාලේ අත්අඩංගුවට පත්වූ සෑම විටම කිව්වේ දේශපාලුවන්ගේ නම් හෙලිකලා කියලා. හැබැයි තව අද වෙනතුරු මාධ්‍ය තුලින් නම් අපි දැක්කේ නෑ,

:       6       10

sene Tuesday, 09 September 2025 11:29 AM

ඇමතිතුමෝ අනේ තවත් වරක් නම් නාලා හා ගන්න ලෑස්තිවෙන්න එපා.

:       9       26

Perera Tuesday, 09 September 2025 12:02 PM

නාලා ගාගන්නේ මොන අමතිලාද කියලා වාඩිවෙලා පොඩ්ඩක් බලන් ඉන්න @sene

:       4       2

Sudda Tuesday, 09 September 2025 12:16 PM

ඔප්පු කරන්න පුලුවන් ව්‍යාජ නොවන සාක්කි ඇතුව ඔය වැඩේ කරාට වරදක් නෑ. ආවාට ගියාට නම් දාලා මිනිසුන්ට අපහාස කරන්න විතරක් එපා. නැත්නම් උගන්ඩා කුමාරි කිව්වා වගේ දැන දැන චන්ද ගන්න මැතිවරන බොරු කිව්වා වගේ වෙයි. එහෙමත් නැත්නම් සමන් ඒකනායකට නඩු දාන්න එන්න කියලා ආපහු එන්න එපා කියන්න වුනා වගේ වේවි. දෙකම චොර වැඩ​. නියම හොරු එලිකලාට කමක් නෑ.

:       2       11

මංබයියා Tuesday, 09 September 2025 12:46 PM

@sene, අයිස් බාත් ගත්ත අයටද කිව්වේ?

:       0       4

Nimal Tuesday, 09 September 2025 01:16 PM

@sene, ඔයාලා වගේ බයියෝ මේ රටට පිළලයක්.

:       2       1

Mm Tuesday, 09 September 2025 01:31 PM

කොහොමත් ඔය පාතාලයෙ ඉන්න එවුන් එක්ක දේශපාලනය කරන එවුන් සමිබන්ධයක් තියනව නැත්නම් උන්ට වැඩෙි කරගන යන්න බැහැනෙ. ඕක මෙි රටේ ඉන්න හැම කෙනෙක් ම දන්නව. පොලිසියට අහුවුනොත් එක කෝල් එකයි බඩු එලියෙ. එහෙමනෙ වුනේ. එහෙම කරල තියන එවුන් අනිවාර්යයෙන්ම නීතිය හමුවට පමුනුවන්න

:       1       6

විපරමා Tuesday, 09 September 2025 01:55 PM

හිටපු දූෂිත දේසපාලුවෝ පාතාලය එක්ක සම්බන්ධකම් පැවැත්වු බව දන්නෝ හොන්දාකාරවම දන්නවා. සුදුවෑන් ඝාතන අතුරුදන් ,වගේම ඡන්දේ කාලේ කරපු කඩාකප්පල්කාරී ජඩ වැඩ වලට පාතාලේ ආශිර්වාදය ලැබුණා.

:       0       2

අබිලින් Tuesday, 09 September 2025 02:11 PM

හොරු ඉන්නවානම් මූලික ව්මර්ශන කටයුතු පරස්පරතා නැතුව සකසා නැවත නැවත විමර්ශන කිරීමට නොතබා ඉදිරිපත් කලොත් වැදගත්කමක් තියෙනවා උදාහරණයක් හැටියට හිටපු ජනාධිපතිතුමා එංගලන්තයේ විශ්ව විද්‍යාලයක් එවපු ලිපියක් ඉදිරිපත්කලාම ඒ ගැන විමර්ශනයකින් සත්‍ය අසත්‍ය බව නොසොයා ඉදිරිපත් කළ නිසා මොකද වුනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 604 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17531 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 717 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site