IMG-LOGO

ප්‍රශ්න විසඳන රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙදර යවා මිනිස්සු දුක් විඳිනවා

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තරයේ හැසිරීම් කල්වෙලා ඇතිව අවබෝධ කරගත හැකි රාජ්‍ය නායකයන් මේ මොහොතේ රටට අවශ්‍යව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන  මහතා පැවසීය.

ඇමෙරිකා බද්ධ සියයට 44 සිට සියයට තිහ දක්වා අඩු වූයේ යැයි දැන් බොහෝ අය කතා කරන බව කී අබේවර්ධන මහතා එවැනි කතා ගැන ලැජ්ජා විය යුතු බව කීය.

මෙවැනි ගෝලීය දේශපාලන හැසිරීම් ගැන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කල් තියාම දැක තිබුණු බව කී එජාප සභාපතිවරයා නමුත් ඒ ගමන කඩාකප්පල් කර දැමූ බව කීය. රනිල්ගේ ගමන ගැන ජනතාවට තේරුම් ගන්නට නොහැකි වූ බව කී එජාප සභාපතිවරයා ප්‍රශ්න විසඳන්න හැකි රාජ්‍ය තාන්ත්‍රිකයන්  ඉවත් ඉවත්කොට ජනතාව අද දුක් විඳින බව කීය.

එජාප සභාපතිවරයා මේ බව කීවේ යක්කලමුල්ල කරාගොඩ ශ්‍රී දේව රක්ඛිත විහාරස්ථානයේ ඇසළ කලාපය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.



අදහස් (15)

ප්‍රශ්න විසඳන රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙදර යවා මිනිස්සු දුක් විඳිනවා

Achi Friday, 11 July 2025 11:10 AM

මෙයා මෙහෙ බයිලා ගහනවා. අර ඔච්චර ඇමෙරිකාවට හිතවත් රට වලටත් රිදෙන්නේම බදුගහලා තියන්නේ රනිල් හිටියා නම් බදූ ගහන්න එපා. අපි ඉඩම් විකුණනවා කියලා ලංකාව විකුණලා දානවා...

:       1       13

Thennakumbura Friday, 11 July 2025 11:30 AM

ජෝකර්... තවමත් ඉන්නේ සිහින ලෝකෙ...

:       1       13

Rata Perata Friday, 11 July 2025 11:37 AM

මේ වගේ කෙනෙක්ගේ මෝඩ කතා පුවත්පත්වල පලකිරීම ජනතාවගේ බුද්ධියට කරන නිගාවකි.

:       1       13

Piyal Friday, 11 July 2025 11:49 AM

කරගත්තු හරිය හොඳටම ඇති... ගෝලීය දේශපාලනේ හැසිරීම දන්න කෙනාට දීලා.... රට මෙහෙම හරි ඉතුරු වුණු එක ගැන සතුටුයි...

:       3       15

යෝගා ඩෝබි Friday, 11 July 2025 11:50 AM

මෙවැනි ගෝලීය දේශපාලන හැසිරීම් ගැන රනිල් කල් තියාම දැක තිබුණේ, සුමනදාසගෙන් හරි, ඥානක්කාගෙන් හරි පේන බලලා තිබුණු නිසා. රනිල්, සුමනදාස, ඥානක්කා, ත්‍රී ඉඩියට්ස්ලා දැන් ලොවෙත් නෑ, දෙල්කඳ පොළෙත් නෑ...

:       4       15

කෙළවරපිටිය Friday, 11 July 2025 11:56 AM

දකුණෙ අයට කිසිම ලැජ්ජාවක් නෑ කියන එකට හොඳම උදාහරණය තමයි, මෙයයි, සාගල රත්නායකයි.

:       3       18

chanika Friday, 11 July 2025 12:06 PM

පාතාල නායකයෙක්ව පොලිස් ලොක්කා කරගෙන, ඒ වගේම තව තක්කඩි හෙන්චයියෝ ටිකක් රජයේ ලොකු ලොකු තනතුරු වලට දාගෙන, රාජ්‍ය මුදල් කුට්ටි පිටින් හොරා කන ඇමැතිලාට රැකවරණ දෙන, රාජ්‍ය මුදල් නාස්ති කරමින් ගෝලයෝ එක්ක ලෝකේ වටේ සවාරි ගහන ඔය කජු සීයා වගේ උන්දැලා ආපහු අපේ රටට ඕනේ නැහැ වජිර...

:       2       14

wedage Friday, 11 July 2025 12:18 PM

වජිර ටිකක් ඉන්න.. ඔයා කොළඹ ගේ ගත්තේ කොහොමද?

:       1       23

විපරමා Friday, 11 July 2025 12:40 PM

තමුන්ගේ නායකයා මොළකාරයෙක් නිසා වෙන්ඩැති තිස්ගාණක උපදේශකයෝ පත් කරගෙන මහජන මුදල් කාබාසිනියා කෙරුවේ? දේශපාලන අත්දැකීම් ඇති පරිණත නායකයාගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       2       22

Nimal 1Friday, 11 July 2025 02:07 PM

තිස් ගාණක් නොවේ. අනූ දෙකක්...

:       1       11

අනිිල් පෙරේරා Friday, 11 July 2025 12:44 PM

මේ වගේ මිනිස්සුන්ව මෙවැනි කටයුතු වලට සහභාගි කරගන්න තරම් මෝඩයින් තාම ඉන්නවනේ..

:       0       19

Nihal Friday, 11 July 2025 01:44 PM

අවුරුදු 60 ක් මාරුවෙන්ම මාරුවට රට විනාශ කරලා තවමත් ජනතාව මුලා කරන එක විතරමයි සුපුරුදු පරිදි කරගෙන යන්නේ...

:       3       11

Neel Friday, 11 July 2025 01:59 PM

ප්‍රශ්නය විසඳීමට හිටපු අය අද හිරගෙදර. තමන්ගේ ප්‍රශ්නය විසඳුවා මිස රටට කරපු දෙයක් නැත...

:       2       10

චින්තක Friday, 11 July 2025 02:05 PM

මහජනතාව නොවේ වජිර, ඔයා නම් දුකෙන් බව පෙනෙනවා, ගොන්කතා කියකියා ඉන්න තමයි දැන් තියෙන්නේ...!

:       2       13

අරවින්ද මොණරවිල Friday, 11 July 2025 02:24 PM

අන්තීමට එ.ජා.ප.ය ඉතිරි වුනේ මේ වගේ මැටි මෝල්ලු දහ පහළොස් දෙනෙක් විතරයි...

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 788 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site