IMG-LOGO

ප්‍රධාන වැව්වල සීමා ලකුණු කරයි

(අංජුල මහික වීරරත්න)

තෝරාගත් ප්‍රධාන වැව් වලට අයත් සීමාවන් සහ සංරක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීමේ වැඩ සටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නාගරීකරණය, ජනාවාස ව්‍යාප්ත වීම සහ නව කර්මාන්ත ස්ථාපිත වීම වැනි නොයෙකුත් කාර්යයන් වැව් ආසන්නයේ පිහිටි ඉඩම් වල සිදු වීම හේතුවෙන් එම ප්‍රදේශ වල විවිධ භූමි පරිභෝජන රටාවන් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

 භූ පරිභෝජන රටාවන් වෙනස්වීම හේතුවෙන් මේ වන විටත් විවිධ බලපෑම් වලට ලක්ව ඇති සහ එවැනි බලපෑම් වලට ලක්වීමේ නැඹුරුවක් ඇතැයි හඳුනාගත හැකි වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන වැව්වල සීමාවන් ඕනෑම පුරවැසියෙකු හෝ පාර්ශ්වයකට පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මායිම් කණු යොදා නිශ්චිත ලෙස භුමියේ සලකුණු කිරීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. 

ඊට අමතරව, මායිම අතර සුදුසු ගස් වර්ග රෝපණය කර ජෛව වැටියක් සැකසීම යෝග්‍ය බව ද වැඩි දුරටත් හඳුනා ගනු ලැබ ඇත. මෙම කාර්යය සඳහා මිනින්දෝරු දෙපාර්තමේන්තුව, වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්, ගොවි සංවිධාන, පරිසර සංවිධාන, සමාජ සංවිධාන සහ පාසල් දරුවන් සුදුසු පරිදි සහභාගී කර ගැනීමට අපේක්ෂා කරනු ලබයි.

ඒ අනුව, "Clean Sri Lanka '' ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයට ලබා දී ඇති රුපියල් මිලියන 100 ක ප්‍රතිපාදන යොදා ගනිමින්, යෝජිත වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

 



අදහස් (2)

ප්‍රධාන වැව්වල සීමා ලකුණු කරයි

අරවින්ද මොණරවිල Wednesday, 18 June 2025 11:00 AM

මායිම් ලකුණු කරලා ඒවා පසුවිපරම් කර බලන්නත් ක්‍රමයක් හදන්න, නැතිනම් කාලයක් යන කොට ප්‍රාදේශීය දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් සමග එක්වෙලා සළකුණු කෙරුව මායිම් වෙනස් කරලා ගජරාමෙට ආණ්ඩුවේ ඉඩම් මංකොල්ල කයි.

:       0       0

Kamal koyrala Wednesday, 18 June 2025 01:16 PM

තෝරා ගත් වැව් පමණක් නොවේ , ග්‍රාමීය වශයෙන් පැවති සියලුම ජල රක්ෂිත / පෝෂක ප්‍රදේශ ආරක්ෂා කළ යුතුය. එමෙන්ම අනවසරයෙන් වැව් තාවුලු ඉදිකර ඇති හෝටල්, / බංගලා ආදිය ගැනත් සොයා බලා ඉවත් කළ යුතුය. එමෙන්ම මේවා අවට කැලි කසල වපුරන්නටත් අසීමිත දඩ හෝ දඬුවම් කල යුතුය.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1765 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 575 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 668 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site