
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිය සහෝදර සහෝදරියන් සමග කෙලි දොළින් සෙල්ලම් කරමින් සිටි 5 හැවිරිදි කුඩා දරුවකු වෑන් රථයක ගැටී මිය ගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත මහල් නිවාස පදිංචිව සිටි තලගලගේ නිවේන් මින්නාස් දරුවායි.
මියගිය දරුවා දරුවන් සිව් දෙනකුන් යුත් පවුලක තෙවන දරුවා වන අතර වැඩිමහල් සහෝදරිය ඇතුළු අනෙකුත් සහෝදරයන් සමඟ නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් අතුරු මාර්ගය දෙසට දිව ඒමේදී මිල්ටන් පෙරේරා මාවත දෙස සිට කලේයි මගල් වීදිය ඔස්සේ ධාවනය වූ වෑන් රථයක ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී දරුවාගේ ශරීරයේ මතුපිටින් සිරිම් තුවාල පමණක් දක්නට ලැබී තිබී ඇත අතර ලේ වමනය කිරීම හේතුවෙන් වෑන් රථයෙන්ම රියදුරු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත රැගෙන යාමට පියවර ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රෝහල් ගත කළ දරුවා වාට්ටු අංක 20 හි විශේෂ ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් මියගොස් ඇත.
වෑන් රථ රියදුරු වන කොළඹ 15 මට්ටක්කුලිය කදිරාණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් වන සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 21
90
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
180
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1040
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පහේ දරුවා වෑන් රථයට බිලි