
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කමේනීගේ අවමගුලට, ඉරානයේ සියලුම ජ්‍යෙෂ්ඨ නායකයන්, බුද්ධි ප්‍රධානීන්, ආරක්ෂක ප්‍රධානීන් සහ දේශපාලනඥයන් සහභාගී වන බැවින්, එක මිසයිල ප්‍රහාරයකින් ඔවුන් සියලු දෙනා විනාශ කර දැමීමට තමන්ට හැකියාව ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
එක මිසයිල ප්‍රහාරයකින් සියලු දෙනා විනාශ කිරීමට හැකි වුවත්, තමන් එසේ නොකරන බවත්, ඉරාන වැසියන්ට ඔවුන්ගේ නායකයාට අවසන් ගෞරව දැක්වීමට තමන් ඉඩ ලබා දෙන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේ ‘ඇක්සියස්’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිණි.
ඇමෙරිකාවත් ඊශ්‍රායලයත් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, අදාළ කොන්දේසි අනුව කටයුතු කිරීමට දෙපාර්ශ්වයට දින 60 ක කාලයක් ලැබී තිබේ.
අවබෝධතා ගිවිසුමට අදාළව, ගැටලු නිරාකරණය කරගනිමින් එකඟතාවකට පැමිණීමට ඉරානය දැඩි උනන්දුවකින් පසුවන බව ද ට්‍රම්ප් පවසා ඇත.
උත්තරීතර නායක කමේනී, ඔහුගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂක අංශ ප්‍රධානීන්, බුද්ධි ප්‍රධානීන් ජීවිතක්ෂයට පත්වූයේ ඉකුත් 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී, ඉරානයට පහර දෙද්දී, ඊශ්‍රායල හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකිනි.
පසුගිය මාස කීපයේ ඇමෙරිකාව සමග ගැටුම් පැවැති බැවින්, කමේනීගේ අවසන් කටයුතු ප්‍රමාද කෙරුණි. කමේනී වෙනුවෙන් අවමංගල උත්සවයක් ආරම්භ වූයේ පසුගිය 3 වැනිදාය.
සතියක් පුරා අවමංගල කටයුතු සිදුවන අතර ලක්ෂ ගණනක් දෙනා කමේනීට අවසන් ගෞරව දැක්වීමට තෙහෙරාන් අගනුවරට පැමිණ සිටින බව පැවැසෙයි. විදෙස් නායකයෝ ද ඒ අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd