IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් වලට මින් ඉදිරියට ඉඩක් නෑ

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම අවාසනාවන්ත සිදුවීමට අදාල නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණු වලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීම බවද පාස්කු දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක්  කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (15)

පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් වලට මින් ඉදිරියට ඉඩක් නෑ

සෙනෙවිරත්න Saturday, 08 April 2023 01:47 PM

තවත් එකක් වෙනකන් ඔහොම කියවාවි. අර පලාගිය කෙනා කට ඇරියොත් කිව්වේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයි කියලා. අන්තිමට පස්ස දොරෙන් පැනලා යන්න වුණා... ඇඳිවත පමණක් ඇතුව, සල්ලිත් දාලයි දිව්වේ...

:       83       69

C.K.Lankaputhra . Saturday, 08 April 2023 01:57 PM

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයට අපෙන් කරදරයකුත් නෑ නේද සර්? ඒ ටිකත් නොකිය ඉන්නත් එපා...

:       46       54

Nihal Dharmatileke Saturday, 08 April 2023 02:23 PM

මේ ගැන කියන්න මොකද පාස්කු වෙනකන්ම හිටියේ? මෙවන් වදන් කියන්නේ ජනතාවගේ අවධානය වෙන පැත්තකට හරවන්නේ මේ දිනවල කතාවෙන්නේ ත්‍රස්ත මර්දන පනත විවේචනයට ලක්වීම නවත්වන්න කරන්න කපටි කමක්...

:       5       58

beau Saturday, 08 April 2023 02:31 PM

ඒ කොහොමද ඉඩක් නැත්තේ? මෙයත් ඔන්න පාස්කු ප්‍රහාරය විකුණගෙන කන්න හදනවා. මහින්දගෙන්ද පාඩම ඉගෙන ගත්තේ...?

:       5       45

සත්ත්‍යා Saturday, 08 April 2023 02:37 PM

එදිනෙදා සිදුවන මිනීමැරුම් මංකොල්ලකෑම් පාලනය කරගන්න බැරි කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ? පුරසාරම් කෙළිමින් කාලය කා දමනවා !

:       7       118

Hafeel Saturday, 08 April 2023 06:13 PM

සහතික ඇත්ත. ඔබ හරියටම කිව්වා. මෙයා බලයට ආපු ගමන් කිව්වා, පාස්කු ප්‍රහාරයේ විමර්ශනය සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසියේ සහායත් ගන්නවයි කියලා. දැන් ඒ ගැන කිසිම කතාවකුත් නැහැ. පුළුවන් නම්, මෙම පාස්කු ප්‍රහාරය විමර්ශන කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව, අර හංගපු පිටු 26 ඇතුළු රටට හෙලි කරන්නකෝ?

:       64       64

ගමේ එකාලා Saturday, 08 April 2023 03:03 PM

දැන් ඔය දේවල් කිව්වා කියලා වැඩක් නැහැ. තමුන් අගමැති කාලේ ඔය සිද්ධිය වෙන බව දැනගෙන හිටියත් මොනවාද කෙරුවේ?

:       5       82

Kumara Saturday, 08 April 2023 03:27 PM

හොඳයි, සැමදා එසේ වේවා..!

:       1       22

චන්දිම ෆොන්සේකා Saturday, 08 April 2023 03:49 PM

ඔව් ඔව් ඔව්... මීට පස්සේ වෙන්න තියෙන ඉඩ අඩුයි තමයි. මොකද දැන් මිනිස්සු දන්නවනේ ඔය අපේ රටේ දේශපාලුවන්ගෙන් තමන්ට කිසිම ආරක්ෂාවක් නොලැබෙන නිසා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත්තාම ප්‍රශ්නයක් නැහැ කියලා.

:       35       26

Kumara Saturday, 08 April 2023 09:20 PM

ඔයා නම් හරිම පවු...!

:       0       2

Praba Sunday, 09 April 2023 06:07 AM

මළ හත්තිලව්වයි. පාස්කු ප්‍රහාරය සැලසුම් වන කාලේ අගමැති වෙලා හිටියේ වෙන රනිල් කෙනෙක්ද? කයි නම් නහුතෙට...

:       0       3

ලලිත් පුෂ්පකුමාර Sunday, 09 April 2023 10:58 AM

ආයි කරන්නේ නෑ කියලා පොඩි ළමයෙක් වගේ අඬන්න එපා මිස්ට ප්‍රසිඩන්ට්. කරපු පාස්කු ප්‍රහාරයට දඬුවම් විඳින්න...

:       0       5

fairoos Sunday, 09 April 2023 02:03 PM

අනේ තොත්ත බබා.. පාස්කු ප්‍රහාරය වෙලාවේ මාධ්‍ය සාකච්ඡා හිනාවෙවී කරපු විදිහ හැමෝටම මතකයි. පොහොට්ටුවේ බයියන්ට නම් අමතක වෙලා ඇති.

:       0       3

Bamunuarachchi Tuesday, 11 April 2023 06:38 PM

එහෙනම් කුරානය අමුතුවෙන් ලියන්න ඕනේ...!

:       0       0

Bamunuarachchi Tuesday, 11 April 2023 06:39 PM

කාදිනල්තුමා කැමති වුණොත් පුළුවන්. අකැමැති වුනොත් මොකද කරන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site