(ඉන්දිකා රාමනායක සහ ගයාන් සූරිය ආරච්චි)
අධිකරණයෙන් පැන පලා යමින් සිටි සැකකරුවකු පසුපස හඹා ගොස් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී පිස්තෝලය සහ ජීව උණ්ඩ 10ක් සහිත පතුරන් ගැබ අස්ථානගත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීගමුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මීගමුව පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටි මෙම සැරයන්වරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරුන් පැමිණෙන සහ පිටවන දොරටුව අසල රාජකාරියේ නිරත වී ඇත.
එලෙස රාජකාරී නිරතව සිටින අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත රැගෙන ආ සැකකරුවෙකු නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී එකවරම පලාගොස් ඇති අතර, ඉහත පොලිස් සැරයන්වරයා සහ බන්ධනාගාර නිලධාරියෙකු සැකකරු පසුපස හඹා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත භාරදීමට කටයුතු කළ සැරයන්වරයා පසුව ඔහුගේ රාජකාරි ගිනි අවිය පරීක්ෂා කිරීමේදී ඒ අස්ථානගත වී ඇති බවට අනාවරණය වී ඇත.
පසුව පොලිස් නිලධාරින් සමග සැකකරු අත්අඩංගුවට ගත් ස්ථානය පරීක්ෂා කළද ගිනි අවිය හමුවී නොමැත.
මීගමුව මුලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පලාගිය සැකකරු අල්ලන්න ගිය සැරයන්ගේ පිස්තෝලය අතුරුදන්