
මර්සෙලීනෝ අබාද් නම් පේරු ජාතිකයා පසුගිය 5 වැනිදා සිය 124 වැනි උපන්දිනය සැමරූ බව පේරු රජය ප්‍රකාශ කළේය.
පේරු රජය පවසන පරිදි මර්සෙලීනෝ සැබැවින්ම උපත ලබා ඇත්තේ 1900 වසරේ නම් ලොව ජීවත් වන වයස්ගතම පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට ඔහුට සුදුසුකම් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මර්සෙලීනෝ පේරු රාජ්‍යයේ හුආනුකෝ නගරයේ ජීවත් වන බවත් ඔහුට ලොව ජීවත් වන වයස්ගතම පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයැදුම් කිරීම සඳහා සහාය වීමට තීරණය කළ බවත් පේරු රජය පැවැසුවේය.මෙතෙක් ලොව ජීවත් වයස්ගතම පුද්ගලයා ලෙස හඳුනාගෙන තිබුනේ ජීන් ක්ලමෙන්ට් නම් කාන්තාවක් වන අතර ඇය 1997 වසරේ මියයන විට වයස අවුරුදු 122 ක් විය.
මේ වනවිට ලොව ජීවත් වන වයස්ගතම පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ මරියා බ්‍රන්යස් මොරේරා නම් ස්පාඤ්ඤ ජාතික කාන්තාවකි.ඇයගේ වයස අවුරුදු 117 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුෂ වැඩිම රට උතුරු කූරු දිවයින කියන්නේ පීරු රටද දන්නේ නෑ