(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල කල්ලි නායක කෙහෙල් බද්දර පත්මේ නුවරඑළිය ප්‍රදේශයේ ආරම්භ කර ඇති අයිස් මත්ද්‍රවය නිෂ්පාදන කම්මල සඳහා රැගෙන ආ රසායනික ද්‍රව්‍ය තොගය තම ගෙවත්තේ වල දමා සඟවාගෙන සිටි අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විජය වික්‍රම මනම්පේරි පියල් විරාජ් නමැත්තෙකි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව දකුණ ප්‍රදේශයේදීය
බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ලින්ටන් ද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ මිද්දෙණිය කන්තෝරුව වත්ත තලාව උතුර කාරිය මඩිත්ත ප්‍රදේශයේ සැකකරුගේ පදිංචි නිවස පිහිටි භූමිය වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමේදී වල දමා තිබූ රසායනික තොගය සොයාගැනීමට හැකි වී තිබිණි
පොලිස් කණ්ඩායම එම ස්ථානයක් වැටලීම මොහොතකට පෙර සැකකරු එම නිවසින් පළා ගොස් තිබිණි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පද්මේගේ බඩු තියාගත්ත පියල් මනම්පේරි අත්අඩංගුවට