IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


පුටින් ඝාතකයෙක්: බයිඩන්ගෙන් චෝදනා

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඝාතකයකු යැයි තමන් සිතන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කියයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ කීවේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ජනාධිපති බයිඩන්, රුසියන් ජනාධිපති විවේචනය කරමින් අදහස් පළ කළේ ඒ.බී.සී. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූයේ මාධ්‍යවේදී ජෝර්ජ් ස්ටෙපනොපලිස්ය.

රුසියාවේ විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ජනාධිපති බයිඩන් සම්මුඛ සාකච්ඡාවේදී අදහස් දැක්වීය. රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි ට වස දීම සහ පසුව ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී ජෝර්ජ් ස්ටෙපනොපලිස් ජනපති බයිඩන්ගෙන් අදහස් විමසීමක් කළේය. 'පුටින් ඝාතකයකු කියා ඔබ හිතනවාද?' යැයි මාධ්‍යවේදී ස්ටෙපනොපලිස් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනපති බයිඩන් කියා සිටියේ, 'ඔව්, මා එහෙම හිතනවා' යනුවෙනි.

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ පසුගිය 2020 නොවැම්බර් මාසයේ පැවැති ජනාධිපතිවරණයෙනි. රුසියන් ජනාධිපති පුටින්ගේ උපදෙස් මත‍ රුසියානු ඒජන්තවරුන් එම ජනාධිපතිවරණයට ද 'ඇඟිලි ගැසීම්' කළ බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ.

ෙරුසියන් ජනාධිපති පුටින්ගේ උපදෙස් මත, රුසියන් ඒජන්තවරුන් ඇමෙරිකාවේ මැතිවරණ කටයුතුවලට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වී, ජෝ බයිඩන් සහ ඩිමොක්‍රටික් පක්ෂය අපකීර්තියට පත් කිරීමට ක්‍රියා කළේ යැයි එම ඇමෙරිකන් බුද්ධි අංශ නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.

ජනාධිපතිවරණයට 'ඇඟිලි ගැසීම්' කළ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට කිසිදු සමාවක් නොදෙන බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට වන්දි ගෙවීමට සිදුවන බවත් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළේය. ඉදිරියේ දී රුසියාවට තව තවත් සම්බාධක පැනැවීමට පියවර ගන්නා බව ද පැවැසුවේය.

මේ අතර රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් පවසා ඇත්තේ ඇමෙරිකන් බුද්ධි අංශ එල්ල කරන චෝදනා පදනම් විරහිත චෝදනා බවය.

(රොයිටර්)

 



අදහස් (0)

පුටින් ඝාතකයෙක්: බයිඩන්ගෙන් චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site