(නිමල කොඩිතුවක්කු)
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක් ඊයේ(6) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
ප්‍රනීත, ගුණදායක ආහාරවේලක් ප්‍රියමනාපව රෝගියාට ලබා දීමේ අවශ්‍යතාවය සහිතව මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භකරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබා දීම සදහා වැය කළත් එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු මතුවන බවත් අමාත්‍යවරයා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නේවාසික රෝගීන්ට ප්‍රනීත් ආහාර වේලක්
Asela Sunday, 06 July 2025 02:38 PM
අගය කළ යුතු පුවතක්... අගය කරනවා. ඒ වගේම රෝහලේ නිකරුණේ සේවය කරන සේවකයෝ ඉන්නවා, රෝගියා එක්ක කතා කරන්න වැටුප් ලබන සේවකයෝ විදිහට බාහිර කාන්තාවන්/ පිරිමින් ඉන්නවා. මේක රෝහලේ පිළිකාවක්. හෙදියන්/වෛද්‍යවරුත් මේ මාෆියාව දන්නවා. දුප්පතුන්ගේ යහපත සඳහා, කරුණාකර මේ ගැන සොයා බලන්න.