(අංජුල මහික වීරරත්න)
නෙදර්ලන්තයේ පවතින ශ්‍රී ලාංකේය ප්‍රභවයක් සහිත පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නෙදර්ලන්තයේ ලන්දේසි පර්යේෂණ කවුන්සිලය විසින් යටත් විජිත සංදර්භයක් සහිත එකතූන් පිළිබඳ පර්යේෂණ යෝජනා ඉදිරිපත් කරන ලෙස සිදු කළ අන්තර් ජාතික යෝජනා කැඳවීමකට අනුව ඉදිරිපත් කරන ලද යෝජනාවක් මත පදනම්ව, ශ්‍රී ලාංකේය ප්‍රභවයක් සහිත නෙදර්ලන්තයේ පුස්කොළ එකතූන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට, නෙදර්ලන්තයේ නිදහස් විශ්ව විද්‍යාලය ඇතුළුව පාර්ශවකරුවන් පස් දෙනෙකු සමඟ යුරෝ 384,248ක තරගකාරී ප්‍රදානයක් දිනා ගැනීමට හැකිවී ඇත.
"Whose Knowledge, Whose Values? Palm Leaf Manuscripts and the Question of Colonial Collections in Dutch Heritage Institutions" con g මාතෘකාව යටතේ 2025 සිට 2029 දක්වා කාලය තුළ යෝජිත පර්යේෂණය සිදු කිරීමට අවස්ථාව සැලසී තිබේ. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒකාබද්ධ පාර්ශ්ව කරුවන් භය දෙනා අතර අත්සන් තැබීමට නියමිත ගිවිසුමට නීතිපතිගේ අවසරය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිර්දේශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ එකඟතාව ලැබී ඇත.
ඒ අනුව යෝජිත ගිවිසුමට අත්සන් තැබීමටත්, 2025 - 2029 කාල සීමාවේ එකී පර්යේෂණය සිදු කිරීමටත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නෙදර්ලන්තයට ගෙන ගිය අපේ පුස්කොළ ගැන පර්යේෂණයක්