(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලාල් එස් කුමාර)
මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහෝදරයාව ඔහුට අයත් කොල්ලූපිටිය රාත්‍රී සමාජ ශාලාව තුළදී ඝාතනය කිරීම සඳහා රැගෙන ආ බව සැකකරන ටි 56 ගිනි අවිය සොයා ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි
එම ගිනි අවිය සමග ජීව උණ්ඩ 25 ක් අඩංගු මැගසිනයක්ද , ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක්, උල්පීහියක් සහ ආරක්ෂක හිස් වැසුම් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත
ආරක්ෂක හිස් වැසුම් පැලදි පුද්ගලයන් දෙදෙනෙක් අනවසරයෙන් රාත්‍රී සමාජ ශාලා වෙත ටි 56 ගිනි අවිය රැගෙන ඇතුළු වීමට පැමිණීමේදී එහි ආරක්ෂක නිලධාරී ( බවුන්සර්) ඊට ඉඩ නොදී වැළැක්වීමත් සමගම ඔහුට ආරක්ෂක හිස්වැස්මකින් එම එක් පුද්ගලයකු පහර දීමේදී ඔහු ගිනි අවිය උදුරාගෙන ඇති අතර ඒ සමගම එම පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේ යතුරුපැදිය දමා පලා ගොස් තිබූ බව පොලිසිය කියයි
පලා ගිය එම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය මගින් සීසී ටිවි දර්ශනඅනුව තොරතුරු පරික්ෂා කිරීමේදී ඔහුන් මුහුදු මාවත ඔස්සේ ගමන් කරන බවට අනාවරණය කරගෙන තිබූ අතර එහි හිස් ඉඩමක දමා තිබූ තලය අඟල් 8 ක් සහිත ලී මිට අඟල් 41/2 ක් දිග උල්හියක් හා සම්පූර්ණ මුහුණ ආවරණය සහිත තවත් ආරක්ෂක හිස් වැස්මක් වැස්මක්ද හමුවූ බව කොල්ලුපිටිය පොලිසියිය කියයි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නූලෙන් බේරුණු දඩයම
Perakum Liyanagama Monday, 21 July 2025 12:03 AM
ඇල්ලුවයි කියල ඇති වැඩේ මොකද්ද. පුංචි දඬුවමක් විඳල ඇවිත් ආයිමත් වැඩේ පටන්ගන්නව. අපේ රටේ නීති කවද වෙනස් වෙයිද මන්ද. අපි කොච්චර කිව්වත් පාලක බීරි අලින්ට ඇහෙන්නෙ නෑ.