IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


නුගේගොඩ රැලියට රථවාහන සැලැස්මක්

(ගයාන් සූරියආරච්චි)

මිරිහාන ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් අද (21) ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම මහජන රැලිය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, නියෝජිතයන්, පාක්ෂිකයන් හා ඒ සදහා සහභාගි වන මහජනතාවගේ ආරක්ෂාව සදහා මෙම විශේෂිත රථාවාහන සහ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව අද (21) දහවල් 2.00 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවන වටරවුම දක්වා වූ රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.

එම කාලය තුළ රියැදුරන්ට සහ මහජනතාවට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සදහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝටටේ දෙසට ගමන් කිරිමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකිය.

පිටකෝට්ටේ දෙස සිට හා නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම් සභා හන්දිය හා දෙලකද හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කළ හැකිය.

මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ නුගේගොඩ නගරය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැකි බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.



අදහස් (0)

නුගේගොඩ රැලියට රථවාහන සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 112 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 955 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2558 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site