IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නී.පොලිස්පති මාරපනගේ පෙත්සමට දින දෙයි

(රන්ජන් කටුගම්පොළ)

නීතියට පටහැනි ආකාරයට අත්තනෝමතික ලෙස මාස හයක කාලයක් තුළ පොලිස්ථාන තුනකට මාරු කර යැවීමෙන් සහ තමන්ට වඩා කනිෂ්ඨ නිලධාරියකු යටතේ සේවයේ කිරීමට සැලැස්වීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩකරන ලදැයි සඳහන් කරමින් යාපනය ප්‍රදේශයේ භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 03 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරණ යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

යාපනය ප්‍රදේශය භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික පොලිස් කොමිසම ඇතුළු පිරිසක් නම් කර ඇත.

 



අදහස් (0)

නී.පොලිස්පති මාරපනගේ පෙත්සමට දින දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site