IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නිවසක් පිටුපස වගා බිමක බෝම්බයක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


පිළියන්දල කොටගෙදර ගංගාරාම විහාර  මාවතේ  නිවසක් පිටුපස වගා බිමක තිබී SFG වර්ගයේ අත්බෝම්බයක් අද (10) දා සොයා ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

මෙම නිවස පිටුපස අද ( 10 ) උදෑසන කුඩා ළමුන් පිරිසක් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට තිබේ.  

එහිදී එක් දරුවකු එල්ල කළ පහරකින් ඊට යාබදව පිහිටි කෙසෙල් වගා කර තිබූ ඉඩමකට බෝලය ගොස් ඇති අතර එය ගැනීම සදහා දරුවකු එම ස්ථානයට ගිය අවස්ථාවේ කෙසෙල් පදුරක් අසල සැකකටයුතු බෝලයක් වැනි යමක් තිබෙනු දැක එය දරුවා ව්සින් මාපියන්ට ගෙනැවිත් දී තිබේ.

පසුව මේ පිලිබදව  නිවැසියන් භියට පත් වී  පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එය  SFG වර්ගයේ අත් බෝම්බයක් බවට හදුනා ගත් අතර පසුව එය පොලිස්  භාරයට ගෙන තිබේ. මෙහි පින් එකේ මළ බැදී තිබීම නිසා එය මෙම ස්ථානයට කලකට පෙර ගෙනැවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක කරයි.



අදහස් (0)

නිවසක් පිටුපස වගා බිමක බෝම්බයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site